ආරක්ෂකඋණුසුම් පුවත්

මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම ලබාදීමේ යෝජනාවට දැඩි විරෝධය

රජය කිසිදු තීරණයක් ගෙන නෑ - කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා, මරණ දඬුවම ලබාදීම කෙරෙහි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ''රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබේ.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වනවිට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින්, සමස්ත ආර්ථික සහ සමාජ දේහයට බරපතළ තර්ජනයකට ලක් කර තිබීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර ඒ අනුව වැරදිකරුවනට නියම කෙරෙනා මරණ දඬුවම ලබාදීය යුතු බව රැස්ව සිටිය අය අතරින් යෝජනා වූ බවත් වාර්තා වේ..

මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම පැනවිය යුතුය යන අදහසට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රධාන  මාධ්‍යයක් ම විශේෂ තැනක්දී තිබුණි.

ඒ ආරංචිය පැතිරුණු වහා විවිධ සිවිල් සංවිධාන, මානව හිමිකම් සංවිධාන, මරණ දඬුවම යෝජනාවට විරුද්ධව විරෝධය පළ කිරීම අරඹා ඇත.

මේ පිළිබඳව පෙරේදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ජාතික සභාවේ දී ඒ ගැන අදහසක් ප්‍රකාශ වූ නමුත්, මරණ දඬුවම පැමිණවීම ගැන, රජය කිසිදු තීරණයක් ගෙන නැති බවයි.