උණුසුම් පුවත්සංස්කෘතික

පුරාවස්තු තොගයක් විකිණීම හමුදා බුද්ධි තොරතුරෙන් ගැස්සිලා

විකුණන්න සැලසුම කළේ කෝටි පහකට වැඩි ගාණකට ලු

 

 

පෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් නීති විරෝධී අයුරින් කෝටි පහකට අධික මුදලකට අලෙවි කිරීමට සූදානම්වීමේදී යුධ හමුදා බුද්ධි අංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරණ ලද වැටලීමකඳී අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මතුගම, පැලවත්ත, ලිහිනියාව ප්‍රදේශයේ විහාරස්ථානයක ප්‍රදර්ශනයට තබා තිබූ ඓතිහාසික වටිනාකමින් යුත් මෙම පුරාවස්තු තොගය නීති විරෝධීව පුද්ගලයෙකු මාර්ගයෙන් ඊයේ (11) උදෑසන අලෙවි කිරීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර පෞරාණික වටිනාකමකින් යුත් රන්, කිරිගරුඬ, රත් හඳුන් ශෛලමය ප්‍රතිමා එක බැගින්, කුඩා ප්‍රමාණයේ ඇත් දළ යුවළක්, කළු හා සුදු වර්ණයෙන්යුත් කස්තුරි සහ සෙනර වලිග යුවළ බැගින් , ඉපැරණි මුදල් නොට්ටු සහ කාසි කිහිපයක්, මෙන්ම වෙනත් පෞරාණික භාණ්ඩ කිහිපයක් ඇතුලත්ව ඇත.

මෙම වැටලීමේදී අදාළ පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගය අලෙවි කිරීමට තැත් කරන ලද පැලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 24 ක සැකකරුවෙකු හා යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු මීගහතැන්න පොලීසිය විසින් සිදු කරනු ලබයි.