ආර්ථිකඋණුසුම් පුවත්

සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දීමනාවක්

මුන්දලම ප්රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කරමින් අගමැති දිනේෂ් පවසයි.

 

 

 

• පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුවට යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය...
ඔබ ඉටුකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමයේ එක වැදගත් කොටසක්. ප්‍රාදේශීය සංවර්ධනයට, දිස්ත්‍රික් සංවර්ධනයට අපේ ආණ්ඩුකාරවරුන් සමඟ ඒ සැලසුම් ගමට ගෙනයාම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීම.
මේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇඟිලි තුඩුවල තියෙන්න ඕනේ. ආපහු පොතපත බලන්න බැහැ. මේ කාර්යාලය හෙට දිනයේ සිට එවැනි තත්ත්වයකින් අලුත් ජවයකින් සේවාව ඉටුකළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ. ආදායම් ඇති සහ ආදායම් දුර්වල ජන කොට්ඨාස දෙකක් මේ සමාජයේ සිටිනවා. ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ආදායම් ඇති අයට ඒ ආදායම් වැඩිදියුණු කර ගැනීමටත් ආදායම් දුර්වල ජන කොට්ඨාස නගා සිටුවීමටත් පියවර ගතයුතුයි. රජයේ ප්‍රකාශිත අයවැය ‍ලේඛනයේ වැඩපිළිවෙළ අනුව පෞද්ගලික අංශය දියුණු වෙන්න ඕනේ. සම්පත් වැඩි වෙන්න ඕනේ. සම්පත් එසේ වැඩිවෙන්න නම් තවත් ආයෝජනයන්ට රුකුල් ලබාදිය යුතුයි.
ජනාධිපතිතුමා ධූරය භාරගෙන ආණ්ඩුව භාරගත්ත වේලාවේ රට තිබුණු තත්ත්වය ඔබ සැමට කලින් මතක්අපි ඊයෙ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින උප නිලධාරීන්ට දීමනා ගණනාවක් වැඩි කරන්න. සංවර්ධනය ඉලක්කයන් සපුරාලීම සඳහායි එය තීරණය කරනු ලැබුවේ. ඒ අනුව සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා නිලධාරීන්ට අලුත් දිමනාවක් එක් වෙනවා ඇති. දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉලක්කයන්ට වැඩ කිරීමෙන් ඵලදායී නිෂ්පාදන සහ සේවාවන් ඇති කිරීමයි අවශ්‍ය වන්නේ.
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම පුරප්පාඩු සඳහා ලබන මාසේ අන්තිම වෙන්න පෙර අලුත් ග්‍රාම නිලධාරිවරයෙක් පත් විය යුතුයි. අඩුපාඩුවක් තිබෙනවා නම් එය සපුරාලීමෙන් අපට ප්‍රාදේශීය ලේකම් ජාලය ශක්තිමත් කළ හැකියි.
පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීයමය දැනුම ඇති කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන බලයක් පැවරුවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව මගින් හෝ පළාත් පාලන ආයතන සියල්ලටම පුළුවන් මේ වැඩ පිළිවෙලට අවතීරණය වීමට. අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අවශ්‍ය දැනුම ඇති වෘත්තිකයන් ලබාගෙන අපේ දරුවන්ට විශේෂ දැනුමක් ලබාදීමේ ඉලක්ක සපුරාලන්න. එයින් අලුත් සමාජයකට, අලුත් දැනුම ඇති සමාජයකට පිවිසෙන්න පුළුවන්කම කරා ගමන් කරන අධ්‍යාපනයේ තවත් මාර්ගයකට ඉදිරි මාස දෙක තුළ පිවිසෙන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් සහාය වෙනු ඇතැයි මම හිතනවා.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චින්තක අමල් මායාදුන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදාමිණි ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.