විදෙස්

පෙම්වතිය ඝාතනය කළ හිටපු පැරාඔලිම්පික් ක්‍රීඩකයාට නිදහස

සිරදඬුවම් ලබමින් සිටි හිටපු දකුණු අප්‍රිකානු පැරාඔලිම්පික් ක්‍රීඩකයකු වන Oscar Pistorius වසර 11කට පසුව අද (05) නිදහස් වී තිබෙනවා.

2013 වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී තම 29 හැවිරිදි පෙම්වතිය වන Reeva Steenkamp වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට මෙලෙස චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත්, ඔහුට දැඩි කොන්දේසි පනවා ඇති අතර 2029 වන තෙක් මාධ්‍යයට කතා කිරීමද තහනම් කර ඇති බව සඳහන් වනවා.