විශේෂාංග

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී සහ ග්‍රන්ථ කතුවරයෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.63 හැවිරිදි වියේ පසුවූ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර සිටිය දී අද (05) උදෑසන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

1980 දශකයේ දිවයින පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ප්‍රදීප් කුමාර මහතා පසුව යොවුන් පුවත්පත් කලාවෙන් මහත් කීර්තියකට පත්වූ අයෙක්.

එමෙන්ම නවකතා ධනාත්මක චින්තන කෘති පරිවර්තන නවකතා චරිත කතා ආදී වශයෙන් ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් රචනා කළ අයෙකු ලෙසද ජනාදරයට පත් වූ අයෙකු ලෙසයි සැලකෙන්නේ.

ගම්පහ පහළගම ප්‍රදේශයේ පදිංචි ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.