උණුසුම් පුවත්සංස්කෘතික

බක් පුන් පෝ අද යි

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දෙවැනි හෙළදිව් ගමන නාගදීපයට වැඩවදාළේ අද වන් දවසක

හෙළයේ හෙළයනට බක් මහ මහත් සතුට ගෙන දෙන මසෙකි. ඔවුන් ගේ හිත් හතන් සතුටෙන් සොම්නසින් පිරී ඉතිරී ඔකඳව සාමයෙන් සහෝදරත්වයෙන් කෙළි සෙල්ලමින් කල් ගෙවන්නේ මේ අසිරිමත් බක් මහේ දී ය. රට තොට පරිසරයේ කොතැනක් දැක්ක හැක්කේ තුරුලිය මලින් මෙන් ම පලින් ද බර සාරව සුන්දර දසුන් මවනා අයුරු ය. හවුරුද්දේ මාස ගණනාවක් පුරා කුඹුරට කෙතට, ‌මෙන් ම ගොයමට ද සත්කාර කර කර කිසිදු ඉස්පාසුවක් නොමැතිව කල් ගත කරන හෙළයා වගා කළ අස්වැන්න ගෙට ගෙන මුනිඳුන්ට පුදා විවේක පාඩුවේ ගෙවන්නේ බක් මහේ දී ය. එනිසා ම හෙළයනට බක් මහ වැදගත් මාසය යි. එය තවත් මිනිය නොහැකි අගයකින් ඔවුන් සලකන්නේ බුදුන් වහන්සේ ‌ගේ දෙවන වැඩීම යෙදුණේ ද බන් මහේ පොහෝ දිනක වීම හේතුවෙනි. බුදු රදුන් ගේ කුළුණුබර මහා ගුණකඳෙහි රශ්මි කදම්බය හිතට නැංවෙන්නේ ද මේ මාසයේ දී ය

සමස්ත දේශය ම සවනක්යේ බුදුරසින් ආලෝකවත් වූයේ ද, දහම් මිනිරෙන් සිත් සතන් නිවී සැනසුම් ලැබීමට හේතු කාරණා වූයේ ත් බක්මහේ දී ය.

බුද්ධත්වයෙන් පස්වන වස උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය දී දිවැසින් දුටු දසුනකට අනුව හෙළදිව් හි ඇවිලීමට ආසන්න වූ මහා විනාශයක් දැක අප්‍රමාදව මෙබිමට වැඩිය සේක. ඒ දූලෝදර මහෝදර මාමා බෑණා දෙදෙනා අතර පළඟක් වෙනුවෙනි. ඒ විනාශය දූරිභූත කර කඩවීමට ගිය සාමය රකින්නට උන්වහන්සේ දූලෝදර මහෝදර ‌නම් නාගයන් හා ඔවුන් ගේ සහපිරිවර අභිමුව පෙනී සිටිය හ. මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපති කම් කරමින් සිටියේ ය. ඔහු ගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්න‍යෝ වූහ.

මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ මේ ගමන‍ට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳ වූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි.

බුදුහු බක්මහ අවපසළොස්වක් පෝදා උදෑසන ‌මේ හෙළදිවට හෙවත් සිරිලක නාගදීපයට වැඩම කළහ.

සම්පන්න‍යෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නො දී චූලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ මේ ගමන‍ට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳ වූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි

බුදුරජාණන් වහන්සේ බක් අව‍ප‍සළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරි පා කමල් වැන්දාහ. ලෝක නාථයන් වහන්සේ චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති‍ දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසනැ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහි‍ටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.

මෙහිදි සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රජ තෙමේත් කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේ ය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනක දී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ‍ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රෙෂ්ඨත්වය‍ට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඵෙතිහාසික පෞරාණික ශාසනික පුරාවෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයකි.

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයාට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා මැදින් පුන් පොහෝදා  කිඹුල්වත පුරා  ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ  ද අදවන් බක් මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්‍ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්‍ණ කළහ.

උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ සිදුහත් කුමරාණන් ගමන් කරද්දී පළමු කොට ජරා(මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනක ය. ඉදිරි මාස දෙකේ පෝ දෙදින ව්‍යාධි හා මරණ දුටු උන්වහන්සේ ඇසළ පෝදා ශ්‍රමණ වත දැකීමෙන් පසු එදින රැයේ සසරින් එතෙර වීමට මං සොයා අභිනිෂ්ක්‍රමණයේ යෙදුණු අයුරු මතකයට නංවා ගන්න.

අද මේ බක් පසළොස්වක් දිනය බව සියලු බෞද්ධ අබෞද්ධයනගේ දැන ගැනීම උදෙසා හෙළදිව මෙසේ සටහන් තබම්හ.