උණුසුම් පුවත්කව් මිණි වැල්

බඩගින්නට වඩා හදවත ගිනි ගැනුණා…

නිදිබර නෙතට...

කැකිරි හේනේ සීපද හඬ කලාවක්...
පැලට එන්න නැති දෝ යම් වෙලාවක්...
හද මැදුරේ රජ කරනවා අමාවක්...
නිදිබර නෙතට නුඹ හරි වේදනාවක්...
 
තනියා ඇවිත් කොළ අතු බිඳිනවා ඇහුණා...

ටිකිරි කෙළි හනි හනිකට ගුළි ගැහුණා...

ඔබේ හදගැස්ම ඔබටත් වැඩියෙන් දැනුණා...

බඩගින්නට වඩා හදවත ගිනි ගැනුණා...

-  ඇන්ජලා පැල්පොළ - 

රහසේ ම මම හිඳිමි

සඳ අහස හැඩ කරන
මාසෙ එක දවස වුව
කී දෙනෙක් ලියනවද
රසට කවි සඳ වතට
 නුඹ ඇවිත් දිලුණාට
අඳුරු අහසෙත් දිනක
පෙනුණා ද කාටවත්
නුඹ දිලෙන හැටි හැඩට
 සඳ එක්ක අමනාප
නැහැනෙ මට කිසිදාක
නුඹෙ  රුව වැසුණාට 
සඳ එළියෙ රැස් වලට 
මතක වල හැමදාම
නුඹ ඉන්න හැංගිලා
රහසේම මම හිදිමි
නුඹව මතකේ තියන් ....
 - මධුෂිකා -