''ව්යවස්ථාව භාවිතා කරලා ජනතා අනුමැතියකින් තොරව බලයේ රැදි ඉන්න උත්සහ කළොත් ජනතාවට එම කණ්ඩායම කෙසේ හෝ පන්නා දමන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම රටේ විපක්ෂය නැති කර බලය ලබා නොගෙන ජනතාව දිනා ගෙන බලය ගන්නයි ආණ්ඩුව කටයුතු කළ යුත්තේ. ජනතාව දිනා ගන්න වර්තමාන ආණ්ඩුව නොහැකි වී තිබෙනවා" යැයි සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක හිටපු ඇමති තිස්ස අත්තනායක මහතා කියයි.
ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමිනි.
හේ මෙසේ ද දක්වයි.
ඒ නිසා විපක්ෂය භය කරන්න ආණ්ඩුව ගන්නා ඕනෑම උත්සාහයකට සමගි ජනබලවේගය සූදානම්. ඒ වගේම ප්රජාතන්ත්රවාදී දේශපාලනය තුළ වෛරී දේශපාලනය පතුරුවන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ. ජනතාවගේ බහුතර මතයට ගරු කරන දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජනබලවේගය හදුන්වා දෙන්න පුළුවන්. ‘‘