ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනවිශේෂාංගසංස්කෘතික

බිනර පුන් පෝය අද (26) යි

බිනර පුන් පසළොස්වක පෝය අද (26) යි. මේ පොය නිමිත්තෙන් රට පුරා බෞද්ධ සිද්ධස්ථානයන් හි පින්කම් සංවිධානය කර ඇත.

බිනර පෝය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් සේ සඳහන් වේ. භික්ෂුණී ශාසනය ඇරඹුණේ අද වන් දිනක ය.මහා ප්‍රජාපති දේවීන් වහන්සේ ප්‍රමුඛ කතුන් පන්සියයක් දෙනා ප්‍රවෘජා දිවිය වැළඳ ගන්නා ලද්දේ බිනර මහේ බිනර පෝදාවක ය.
වස්සාන සමයෙහි ‍එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි.
බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය අනුව සුපැහැදිලි වේ.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමේ කටයුතු හා බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කම් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමයි.