උණුසුම් පුවත්

බෙලිඅත්තේ ඝාතන පහට කාන්තාවන් දෙන්නකුත් හවුල්වෙලා??

ටී 56 ප්‍රවාහනය කළේ මේ ගෑනු දෙන්නා ද??

බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ පිවිසුමට නුදුරුව දී පුද්ගලයන් පස් දෙනකුට වෙඩිතබා ඝාතන කිරීමේ සාහසික අපරාධට සම්බන්ධ හෙවත් ආධාර අනුබල දුන් බවට සැකපිට කාන්තාවන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ආරංචි මාර්ග කියයි.

පංච පුද්ගල ඝාතනයට මෙසේ හවුල් බවට සැක කරමින් විශේෂ පොලිස් කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජ්ගම පොලිස් වසමේ කාන්තාවන් දෙදෙනෙකි. මේ කාන්තාවන් දෙදෙනා විසිතුන් වියැති හා තිස්තුන් වියැත්තියන් ය.

මෙම ඝාතන සිදු කරන ලද්දේ ඉකුත් 22 වැනි දා උදේ 7. 30 ට 7. 40 ට පමණ ය. ඒ මියගිය පුද්ගලයන් අධිවේගී මාර්ගය ඔස්සේ තංගල්ල අධිකරණයේ පැවති නඩුවකට  උසාවියේ පෙනී සිටීමට ඩිෆෙන්ඩර් වර්ගයට අයත් රථයකින් එමින් සිටිය දී ය.

මේ කාන්තාවන් දෙන්නා මේ ඝාතන පහ සිදුකිරීමට ඝාතකයනට ටී පනස්හයේ ගිනි අවි හුවමාරුවට ආධාර අනුබල දී ඇති බවට ලද තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ‌ෙගන ඇත.