උණුසුම් පුවත්

බෙලිඅත්ත ම කැළඹේ

පහක් මරුට - ජනතා පක්ෂයේ නායකත් ඒ අතර

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී  වෙඩි තබා පස් දෙනකු ඝාතනය කර ඇතැ යි පොලිසිය කියයි. අද උදෑසන මේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඩිෆෙන්ඩර් රියක ගමන් කරමින් හුන් පිරිසක් ඉලක්ක කර ගෙනයි.

සිව් දෙනක් එතැම මරුමුවට පත්වෙති. අනෙක් තුවාලකරු බෙලිඅත්ත රෝහලේ දී මියගොස් ඇත.

එම ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද සිට ඇත.

ඝාතකයෝ පැමිණ ඇත්තේ පිකප් රියකින් බව පැවසේ. ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර වෙඩික්කුවන් පළා ගෙස් ඇත. සිද්ධිය සැලවූ වහාම විශේෂ පොලිස් කණ්ඩායමක් එහි ගොස් විමර්ශන කටයුතු අරඹා ඇතැ යි පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න