උණුසුම් පුවත්සෞඛ්‍යය

මටත් තිබුණා බස්වලින් සෙනඟ ගෙන්නං කයිය ගහන්න

කාසල් රෝහලට ලක්ෂ 46 ක උපකරණ ලබා දෙමින් කාන්තා දිනයට සජිත් එක් වූ හැටි

බංකොලොත් රටේ මේ මුදල් උපයෝගී කර ගෙන බස්වලට කුලිය ගෙවා කාන්තාවන් රැස්කර ගෙන කාන්තා අයිතිය ගැන දේශන සිදු කළ හැකියාව තිබූ බවත් දේශනවලින් ඔබ්බට ගොස් ක්‍රියාවෙන් වැඩ පෙන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය

මේ ක්‍රියාවෙන් රටට පණිවිඩයක් දෙන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතට සෞඛය, අධ්‍යාපනය, ජීවත්වීමේ හා වෘත්තියක නියැලීමේ අයිතිය අන්තර්ගත කරන බවත් නමට නිදහස් නිවහල් සෞඛ්‍ය සේවාවක් තිබුණට මදි බවත් එය ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදනවා කියන චෝදනා කරන සුළුතරයකට හැමදේම ඇති බවත් ඔවුන් ප්‍රභු පැළැන්තිය භාවිත කරන සුඛෝපභෝගී සෞඛ්‍ය ක්‍රම භාවිත කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය

සැම තැනම රැස්වීම් පවත්වා කාන්තා අයිතීන් සුරක්ෂිත කළ යුතු යැයි පවසන්නේ නම් නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කළ යුතු බවත් එහි දී කාන්තාවන්ගේ,මව්වරුන්ගේ සහ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් හැමදේම බෙදනවා කියන චෝදනාව නොකර බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් ⁣බංකොලොත් අදහස්වලින් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හුස්මක් වැඩසටහන යටතේ කාසල් රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා සෞඛ්‍ය උපකරණ රාශියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාතෘ හා ළමා වෛද්‍ය විශේෂඥ ක්ෂේත්‍රයේ කොළඹින් බැහැර රෝහල්වල පවා මේ පහසුකම් වර්ධනය කළ යුතු බවත් කාසල් රෝහලට දුන්නා සේ සෙසු රෝහල්වලටත් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.