ආර්ථිකඋණුසුම් පුවත්

මහකන්නයට පොහොර සහනාධාරය ඔක්තෝම්බර් 01 වැනි දා සිට

වැඩිපුර රුපියල් දහ දාහකින් සහනාධාරය වැඩි කරන්නට අනුර කුමාර ජනපති නියම කරලා

 2024/ 25 මහ කන්නය වගා කිරීමට, වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබාදී  ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

මේ සහනාධාරය රුපියල් 10, 000 කින් වැඩිකර ගෙවීම ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පියවර ගන්නට නව ජනාධිපතිවරයා භාණ්ඩාගාරයට දෙන ලද උපදෙස බව සඳහන් වේ.