ඝාතනයට ලක්වූ රෝෂන් කුමාර මහතා නිබඳව ම යුක්තිය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු බව ජනතාව පවසති
සාහසික අපරාධකරුවන් විසින් මෙසේ නිවසෙහි දීම ඝාතනය කරන ලද්දේ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස සේවයේ යෙදී හුන් ඩබ්ලිව්.ඩී. රෝෂන් කුමාර මහතා ය.
ඝාතනය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකෙරුණි.
ඔහු ආහාර සෞඛ්‍ය පිළිබඳ වෘත්තිය දේශකයෙකු ය. හේ නීතී කෘත්‍ය රැසක උපදේශකයෙකි.
රෝෂන් කුමාර මහතා ගේ ඝාතනය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අප්‍රමාදව පවත්වා සත්‍ය තොරතුර අනාවරණය කළ යුතු බව. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ය.
ගෙමිදුලේ සිට කිසිවකු කතාකරන හඬට ඔහු නිවසේ දොර විවෘත කර ඇති අතර ඒ අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩිතබා පළාගොස් තිබේ.
සැකකරුවන් නීතියේ රැහැනට කොටු කරගන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ නීයමයෙන් විමර්ශණ අරඹා ඇත.