උණුසුම් පුවත්

මහා ශිව රාත්‍රි දිනය – ජනපති පණිවිඩය

මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්රඥාලෝකය පැතිරේවා!!!

ලොව ජීවත්වන සියලු ම ජීවීන් පීඩාවන් ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත් වූ බව කියන පූජාව ලොව හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රියේ දී සිහිපත් කරනු ලබයි.

එසේ ම මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥාලෝකය පැතිරේවා යන අර්ථයෙන් යුතුව සම්ස්ත ලොක්වාසී හින්දු බැතිමතුන් මේ සමඟ එක්වෙති.

ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් වූ රටේ ජනතාව ඉන් මුදා ගැනීමට පසුගිය වසර දෙක තුළ රජය මහත් කැපවීමකින් යුතුව කටයුතු කළේ ය.

හින්දු ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ සශ්‍රීකත්වයේ අපේක්ෂාවන් ඉටු කරමින් අද එම වැඩපිළිවෙල සාර්ථකත්වය කරා පැමිණෙමින් තිබේ.

මහා ශිව රාත්‍රී දිනයෙන් අර්ථවත් කරන සාමය සහ සංහිදියාවන අගයමින් 'මමත්වය හා අහංකාරත්වයෙන් තොරව රටක් ලෙස සියලු දෙනා එකට එක්ව රටේ අනාගතය වෙනුවෙන් එම වැඩ පිළිවෙළ ඉදිරියට ම ගෙන යා යුතු ය.

මහා ශිව රාත්‍රි දින පහන්සිල හින්දු ජනයාගේ අධ්‍යාත්මය ආලෝකවත් කරන්නා සේ ම, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීමටආශිර්වාදයක් වේවා යි ප්‍රාර්ථනා කරමි යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් නිකුත් කළ පණ්විඩයෙහි දැක් වේ