උණුසුම් පුවත්කාලීනපරිසරයවිනෝදාස්වාදවිශේෂාංගසාහිත්‍යය හා කලාව මැණිකේ හිනැහෙනවා! 2026-09-220 අඬන්න බැරි කමට හිනා වෙන මිනිස්සු මැණිකේ හිනැහෙනවා...........!!! ඔබ සිනාසෙනවා. මුළු හදින් ම ඔබ සිනාවෙද්දී ,මම හරිම සතුටක් විඳින්නේ. ඒ හිනාවෙන චරිත කියවන්න කියවන්න දැනෙන්න අපූරු චමත්කාර හැඟීමක්. මට අපූරු හිනාවක් මතක් වෙනවා විජේරත්න වරකාගොඩයන්ගේ "මැණිකේ හිනැහෙනවා" කියන ගීතයේ අතරින්, ඇසෙන අපූර්වම හිනාව. ඒ හිනාව හරිම විවෘත, නිර්ව්යාජ රූපයක් මවන, ගැමි හිනා හඬක්. ඒකේ අපූරුම කතාව ගිය සතියේ මට අහන්න ලැබුණේ, ජයනාත් වරකගොඩ මලයයි, ග්රේස් තෙන්නකෝන් සොයුරියයි, රෑ කෑමකදී වූ හමුවෙදි. එතකොට ඒ ගීතය ගයන්න ගිය වෙලේ අමිත්ත මලයා කියනවා" ඒකේ හිනාව අය්යේ මෙයාගේ" කියලා.ඒ කියන්නේ ඒ අපූරු නිර්ව්යාජ ගැමි හඬ මතුකළේ ග්රේස් කියලා. ඇත්තෙන්ම මම එවේලේ යළි ඇය වැළඳගත්තේ, අපි පාසල් යන කාලේ සිට වින්ද, ඒ සොඳුරු බවට දක්වන කෘතගුණයක් සේ සළකා. ඒ හිනාවේ දැනුණු අපූර්වය අපි, අපිට ලැබෙන හිනාවෙන්ම විඳිනවාද ? ඇත්තටම අද හුඟාක් දෙනෙකු හිනාවෙන්නේ හිනා නොවී බැරිකමට ද? නෑ මං හිතන්නේ අඬන්න බැරිකමට. තැන තැන බැලූවිට බොහෝ දෙනෙකු මුවවිටට ගලා ආ ගැටලු වල. දොර දොර බැලුවොත් රැල්ලක් මෙන් ගලා යන ව්යාධී සමග කුමන හෝ දුක්ඛ දෝමනස්සයන් සමග. ඒත් සමහරු කිසිත් නැති ගාණට හැමදේම යටපත් කරගෙන ඉන්නව "වෙච්චි දේට එන්න සෙය්යදු" කියා ගන්න බැරුව වගේ. එහෙම බලන් යද්දී පේන්නේ පිම්බුනු බැලුමක් වගේ වෙලා වත්මන් සමාජය. පිපුණු පපඩමක් වගේ. තවත් ගැඹුරෙන් හිතා බැලුවොත් "දිය රත්වෙන තෙක් කකුළුව දිය සැළියේ" වගේ. මිනිසුන්ගේ සිත්වලින් සරලබව , බැඳීම් හා යුතුකම් පලා යන්නේ ඇයිද කියලා හිතන්නේ නැ කවුරුත් . කවුරුත් වෙලාව ගන්නෙත් නෑ එය හිතන්නටවත්. එහෙම බලාගෙන ගියාම බොහෝ දෙනෙක් ඉන්නේ "කුඩු කෑ " උන් වගේ. මිනිසුන්ගේ සිනාව උඩු යටිකුරු වෙලා ගිහින්. සමාජයේ සිදුවෙන දේත් වෙම්න් තිබෙන්නේත් අදහා ගන්න බැරි විදියට. මේ නි සා හොඳම විසඳුම වෙන්නේ මඳක් තැන්පත්ව එළැඹි සිහියෙන් සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා හිඳීම පමණක් නොවේ. හැකි හැකි ලෙසින් මේ තත්ත්වය නිසි ලෙසින් අවබෝධ කරගෙන හරි දේ හරි ලෙසට කිරීමයි. අපි ඒ දේ හිතට එකඟව කිරීමයි. එවිට අපිට අපේ යුතුකම කළා යන හැඟීමෙන් අවංකව සිනාවෙන්නට පුළුවන් . අපි සිනාසෙමු. චම්මින්ද වෙලගෙදර . 21-09-2026. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – 2026 Next Article විජායි ලක්ෂ්මිගේ හද දිනූ හද සමඟ කවි සිත්තම් දොරට වැඩුම හෙට (24)