හෙළ සිනමාව වර්ණවත් කරන රංගන වේදියාට හෙළදිව උණුසුම් සුබ පැතුම් -

9 වැනි මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් මහේන්ද්‍ර පෙරේරා පිදුම් ලැබී ය.
මහේන්ද්‍ර මෙසේ සම්මානයෙන් පිදුම් ලැබූවේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ ඔහු කළ අති විශිෂ්ට රඟ පෑම විනිශ්චය මණ්ඩලයේ ඉහළ අගැයීමකට ලක් වීමෙනි.
මෙහිදී බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටයේ රඟ පෑ යුරායි ලෝයි, ලකි ලූ චිත්‍රපටිය නළු චන්ග් චෙන්, රිවර්ස්ටන් චිත්‍රපටියේ රන්දික ගුණතිලක සහ ද රෙඩ් හැන්ගර් චිත්‍රපටිය රගපාන ලද නිකලාස් සරාතේ යන අය නිර්දේශව සිටියහ.
මහේන්ද්‍ර පෙරේරා මීට පෙර ජාත්‍යන්තරය සිනමා උළෙලක දී ද සම්මාන ලද අපට සිටිනා අති දක්ෂ රංගවේදියෙක් බව සටහන් කළ යුත්තේ ම ය. මේ ඔහු අති දක්ෂයකු සේ ඇගැයීමට ලක් දෙවන අවස්ථාව යි.
මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු ඉහළින් ම ඇගැයීමට ලක් විය.


