උණුසුම් පුවත්

මිනිස් සිරුරට අහිතකර පළිබෝධනාශක අලෙවි කරමින් සිටි පුද්ගලයකු අල්ලා ගෙන

එස්. ටී. එෆ් වැටලීමක්

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මිනිස් සිරුරට අහිතකර නීති විරෝධී පළිබෝධනාශක අලෙවි කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගන්නා ලදි.

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ අණාදන නිලධාරී උප පොලිස් පරික්ෂක එස්.එන්. උඩුකුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා කඳපොළ කෘෂිකර්ම උපදේශක නිළධාරිනිය සමඟ සමඟ ඒකාබද්ධව 2024.02.24 වන දින කඳපොළ පොලිස් වසමේ පොස්ට්වුඩ් කොටස" කොට්ලෝජ්" කඳපොළ පිහිටි කෘෂි අලෙවිසල  වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කිරීම, අනවසරයෙන් පළිබෝධනාශක ගබඩා කිරීම හා අලෙවියට සුදානම් කර තැබීම යන වරද සම්බන්ධයෙන් කොට්ලොජ්,  කඳපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයකු CARBO FURAN ( කුරේටර් ) කිලෝ 13, ග්‍රෑම් 955 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනයට  නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දෙන ලදි.