උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

නමවු මුනි සරණා -- බුදු ගුණ අලංකාරය


-- 382 ----

නො වසා                              යුවැලැසේ  
දැක දැක රිසි                       නොයන සේ                                                                             

රුව ඇති කල                             මෙසේ  
කිම් ද නර සුර ලොවැයි වෙ            නසේ

පදගතාර්ථය,    යුවලැසේ  -  දෙ නෙත් , නො වසා - වසන්නේ නැති ව , දැක දැක  -  දිගට ම දැක ගෙනත් , රිසි නොයන සේ  - රුචිය අඩු නොවන පරිදි , මෙ දේ  -- මෙ බඳු වූ , රුව ඇති කල  -- රූපයක් ඇති කල්හි  , නර සුර ලොවැ යි  -- මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝකය යනුවෙන් , වෙනසේ කිම් ද  -- වෙනසක් කොයින් ද?

භාවය,     දෙ නෙත් නො වසා දිගට ම දැක දැකත් නොසෑහෙන තරම් රූප ශ්‍රීයක් ඇති නම් දිව්‍ය ලොක්ය හා මනුෂ්‍ය ලෝකයැ යි ඇත්තේ කුමන වෙනසක් ද ?

                  -- 383 ---

නම ඇසු‍ූ‍ූ                                      පමණට  
ලොබ වන මතුරු                           විලසට
මුුුන් රැව වන්                                නෙතට 
ලැබෙන සඟ මොක් සැපෑයි             උගහට

පදගතාර්ථය,    නම  -- නාමය , ඇසූ බමණට  --  ඇසූ පමණින් , ලොබ වන -- ලෝභ කරවන්නා වූ , මතුරු විලසට  -- මන්ත්‍රයක් මෙන් , මුන් රුව  --  මොවුන් ගේ රූපය , වන් නෙතට -- වැටුණු ඇසට , ලැබෙන සග මොක් සැප  -- ගෙන දෙන ස්වර්ග මෝක්ෂ සම්පත් , උගහට යි  -- දුෂ්කර ය.

භාවය ,   නාමය ඇසූ පමණින් ලොභ උපදවන මන්ත්‍රයක් බඳු වූ මේ දේවිය ගේ රූප විලාසය දුටු තැනැත්තාට ස්වර්ග මෝක්ෂ සැප ලබා ගැනීම දුෂ්කර වේ.