අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය බාරයේ සිටින බවත් ඔවුන් රිමාන්ඩ් බාරයේ සේම සිරකරුවන් වුවත් ඔවුන් රාජ්‍ය බාරයේ සිටින බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන මූලික වගකීම රජය සතු බවට පැවසූ බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති මාලාවට අනුව බන්ධනාගාර තුළ සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වළක්වා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව බන්ධනාගාරවල ඉඩපහසුකම් සැලසිය යුතු බව සඳහන් බවත් ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස කළ ප්‍රකාශය සේම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ද මෙවැනි යෝජනා ඉදිරිපත් කළත් අවසානයේ වැලිකඩ, මහර සේම මීගමුව බන්ධනාගාරයේ සෝචනීය සිදුවීමක් සහ ඛේදවාචකයක් ක්‍රියාත්මක වු බවත් එය ආණ්ඩුවේ නොහැකියාවෙන් අකාර්යක්ෂමතාවෙන් හා අදක්ෂකමින් සිදුවූ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමතිවරයාට විරුද්ධව ආ විශ්වාසභංග යෝජනා විවාදය අමතමිනි.
මේ සිදුවීමට වගකීම සහ වගවීම කාගෙද කියා රජය පැහැදිලි කළ යුතු බවත් අධිකරණ ඇමතිවරයාට හෘද සාක්ෂියට එකගව තවදුරටත් මේ තනතුරේ සිටිය නොහැකි බවත් ඔහු අධිකරණ ඇමතිවරයා ලෙස සිටින කාලයේ අප රටේ අධිකරණයට නිදහසට විශ්වාසනීයත්වයට විනිසුරුවන්ගේ ගෞරවයට රජය මරු පහරක් එල්ල කරමින් යන බවත් උපරිමාධිකරණවලට පත් කළ යුතු විනිසුරුවරුවන් පත් නොකිරීම සේම මානසික අල්ලසක් ලෙස ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ජනතාව තුළ අධිකරණය ගැන ඇති විශ්වාසය කඩ කරන්න හදනවා
මෙය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, අධිකරණයේ ස්වාධිනත්වය කුඩු පට්ටම් කිරීමක් බවත් ජනතාව තුළ අධිකරණය සතු විශ්වාසනීයත්වය විනාශ කිරීමට උත්සාහ කරන බවත් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විරෝධය පළ කර ඇති බවත් රජය කළ යුත්තේ අධිකරණය සතු විශ්වාසනීයත්වය නැති කිරීම නොව විශ්වාසනීයත්වය තහවුරු කිරීමක් වුවත් රජය කරන්නේම මේ විශ්වාසනීයත්වය කඩ කිරීමක් බවත් පසුගිය දිනවල අධිකරණ සේවා කොමිසම හරහා ගරු විනිසුරුවන් එකට ඒකරාශී වී 65යි 0ක් ලෙස ඡන්දය ලබා දී මෙයට විරෝධය පළ කළ බවත් මේ නිසා රජය දැන් විනිසුරුවන් පවා දඩයම් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය හදන්නේ අධිකරණය තමන්ගේ පක්ෂයේ රූකඩයක් කර ගන්න
හංගේරියාව පෝලන්තය පවා මේ ආකාරයට විනිසුරුවන්ට බලපෑම් කරන යෝජනා ඉදිරිපත් කළත් ඒ ක්‍රියාදම සියල්ල අනීතික වී නතර කිරීමට සිදුවූ බවත් රජය මේ කරන්න හදන්නේ රාජ්‍ය විසින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන කුළුණු 3න් වැදගත් කුළුණක් වන අධිකරණය සියතට ගැනීමට උත්සාහ කරන බවත් අධිකරණය රූකඩයක් බවට පරිවර්තනය කරන්න රජය දරණ උත්සාහය නින්දිත පහත් ක්‍රියාවලියක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පුළුවන් නම් අධිකරණය ගැන දින 3ක් විවාද කරන්න එන්න
පක්ෂ නායක රැස්වීමේ දී අධිකරණය ගැන විවාදයක් ඉල්ලා සිටියත් රජය ඒ සඳහා අවසර නොදුන් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් නොවන බවත් පාර්ලිමේන්තුවේ අධිකරණය ගැන පවා කතා කරන්න තහනම් බවත් මේ විවාදය ඉල්ලා සිටියේ ගරු විනිසුරුවන් ගැන කතා කරන්න නොව අධිකරණය ගැන කතා කරන්න බවත් පුළුවන් නම් අධිකරණය යන කුළුණ හා ආයතනය ගැන දින 3ක විවාදයක් දෙන්න කියා රජයට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධිකරණ ඇමති ෆේල්
අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර පැත්තේ සේම අධිකරණය පැත්තෙන් ද ෆේල් බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා අධිකරණය රාජ්‍යයේ රූකඩයක් බවට පත් කිරීම නතර කරන ලෙසත් ස්වාධින අධිකරණය ස්ථාපිත කරන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

