උණුසුම් පුවත්

මෛත්‍රී පිළේ වැඩ බලන සභාපතිටයි වැඩ බලන ලේකම්ටයි තහනම් නියෝග

පක්ෂ සාමාජිකත්වයක් පවා නැති කෙනකු සභාපති කරලා ලු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩ බලන සභාපති තනතුරට පත් අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ මහතාට අධිකරණය විසින් අද (24) තහනම් නියෝගයක් පනවනු ලැබිණි.
එමෙන් ම මෛත්‍රීගේ  පිළේ වැඩ බලන ලේකම් සාරථී දුෂ්‍යන්ත මිත්‍රපාල මහතාට ද එසේ ම කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනමක් පනවන ලදි.
දිසා විනිසුරු සඳුන් විතාන මහතා මොවුන් දෙදෙනාට එසේ වාරණ නියෝග නිකුත් කළේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් දෙදෙනා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ත් විසින් ගොනු කරන ලද පෙත්සමක් යළි සලකා බැලීමෙන් අනතුරු වයි.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ම එම පත්කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමිනුයි

පැමිණිලිකරුවන් ගේ නීතිඥ, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු පෙන්වා දෙමින් සඳහන් කළේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.