ආර්ථිකඋණුසුම් පුවත්

යුරෝපීය වාණිජ මණ්ඩලයෙන් වාර්තාවක්

පෞද්ගලික අංශයේ ව්යවසායකයින් සහ ව්යපාරිකයින් රටක ආර්ථිකයේ කොදු නාරටියයි - ඇමති විජේදාස රාජපක්ෂ

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL) සහ ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ වැඩසටහන (SCOPE), Deutsche Gesellschaft Fur Internationale Zusammenarbeit (GIZ) සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙහි සහයෝගය මෙන්ම  යුරෝපා සංගමය, ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලයෙහි මූල්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරන ලද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සාර්ථකත්වය සහ සමාජ බැදීම් සඳහා උපායමාර්ගික අවශ්‍යතාවයන් පිළිබඳ සිදුකරන අධ්‍යයනයෙහි නව වාර්ථාව එළිදැක්වීමේ අවස්ථාවට 2024.03.22 (අද) දින පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවෙහි පළාත් නවය ආවරණය වන පරිදි  ව්‍යාපාර 41ක් සමඟ පැවැත්වන ලද සම්මුඛ සාකච්ඡා මත පදනම්ව මෙම අධ්‍යයනය සිදුකර තිබූ අතර සමාජ ගතිකත්වය හැඩගැස්වීමේදී පුද්ගලික අංශයේ පරිවර්තනීය බලය හදුනාගන්නා වත්මන් තත්වය ගවේශණය කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙම මාතෘකාව පිළිබඳ පුළුල් පර්යේශණ නොමැති වාතාවරණයක් තුළ මෙම ගවේශණාත්මක අධ්‍යයනය කිරීම විශේෂත්වයක් විය.

මෙවැනි අධ්‍යන රජයේ මැදිහත්වීම මත මීට වසර කිහිපයකට පෙර සිදු කලා නම් අපිට පසුගිය කාලයේ මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයන් මගහරවා ගැනීමට තිබුනා ,නමුත් අවාසනාවකට අපිට ඒ දේවල් කරන්න බැරිවුනා. මෙවැනි අධ්‍යනයක් සිදු කිරීම පිළිබඳව යුරෝපා සංවිධානය ඇතුළු ඒ සඳහා සහයෝගය ලබාදුන් ආයතන වෙත තම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවත් මෙම ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී අපේ රටේ ආර්ථිකය මෙන්ම ජනජීවිතයත් යහපත් තත්වයකට පත්විය හැකි බවත්  සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ පෞද්ගලික ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් රටක ආර්ථිකයේ

කොදු නාරටිය බවයි. රටක ආර්ථිකයේ පිබිදීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයින් වඩා වැඩි වශයෙන් දායකත්වයක් ලබාදෙන බැවින් ඔවුගේ ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව වඩාත් සුදුසු ලෙස සකස් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බැවින් නීතියේ ආධිපත්‍ය තහවුරු කර අධිකරණ පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීය බව නගාසිටුවීම සඳහා තම රජය කැපවී කටයුතු කරන බවත් පසුගිය කාලය පුරා ඒ සඳහා අවශ්‍යකරන නීති ප්‍රතිසංස්කරණයන් සිදුකර ඇති බවයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තානාපති H.E. Carman Moreno මහත්මිය, ශ්‍රී ලංකා යුරෝපා වාණිජ මණ්ඩලයේ සභාපති Haten Rajabdeen යන මහත්ම මහත්මීන් අදහස් පලකල අතර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්. රණසිංහ මහතා, පෞද්ගලික ව්‍යවසායකයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.