උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

මහැදුරු පල්ලියගුරු ජීවන ගමන නිමා කරයි

අමුතු තාලේ ආදර කතාවක් කියා ඔහු යන්න ගියා!!

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වියතාණෝ ජීවිතයෙන් සමුගෙනැති බව සාතිශය ශෝකයෙන් යුතුව හෙළදිව ඊ පුවත් සංග්‍රහය හෙළ පොදු ජනතාවට දන්වා සිටී. එතුමාණෝ අසූ වැනි වියේ පසුවූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශාධිපතිවරයා මෙන් ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාණන් සේ ද සේවය කළ‌ේ ය.

හෙළ බස පිළිබ වෙසෙස් දැනුමකින් පිරුණු මහැදුරු පල්ලියගුරු තම සිසු සිසුවියනට මහත් සේ ආදරයක් කරුණාවක් දැක්වූ ගුරුවරයෙකි.

නවකතා, කෙටිකතා, කවිය, ගීතය ආදී සියලු වපසරි හි අති මහත් සේ කැපවී නිර්මාණකරණයේ යෙදුණු ඔහු විසින් ලියා පළ කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව පනස් පහක් පමණ වේ. එමෙන් ම ශාස්ත්‍රීය ලිපි, විචාර, පවත්පත් ලිපි මේ ඈ සියලු ක්ෂේත්‍රයන් හි සිය කුසලතා නොඅඩුව සමාජයට බෙදා හදා දෙමින් ඔහු කළ මෙහෙය අති විශිෂ්ඨ ය.

මාතර දී ජන්මලාභය ලද චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා මාතර රෝහළු මහා විදුහලෙන් අයනු ආයනු කියා සිප්කිරි උරා බී ඒ දැනුම ඉතා සරලව සුමගව තම සිසු සිසුවියනට මෙන් ම හිතමිත්‍රාදීන්ට ද නොමසුරුව බෙදා දුන් ඉතා නිර්ව්‍යාජ නිහතමානී බ්‍රා+යකු සේ හෙළදිව සටහන් කරන්නේ ඔහු ගේ රික්තකය සුළුපටු නොවන බව සිහිපත් කරමිනි.

මහැදුරුවරයාණෙි,

අපගේ ප්‍රණාමය!!

නිවන් සුව!!!