ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

‘යුවාන්’ ගනුදෙනු කළ හැකි චීන බැංකුවක් ශ්‍රී ලංකාවේ

ආනයන කරුවන්ට හා අපනයන කරුවන්ට වඩාත් පහසු මුල්‍ය සේවා

ශ්‍රී ලංකාවාසීන්ට චීනය සමඟ ගනුදෙනු කිරීමේ දී මෙතෙක් භාවිතා වූ ඇමරිකානු ඩොලර් වෙනුවට චීනයේ යුවාන් මුදල් මඟින් ගෙවීම් පියවීමට හැකි වන පරිදි චීන මහජන බැංකුවේ ශාඛාවක් පසුගිය සතියේ දී කොළඹ දී විවෘත කෙරුණි..

ඒ අනුව ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සහ චීනයේ මුල්‍ය පද්ධතිය අතරඍජු සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කරමින් චීන යුවාන් මුදලින් සිදු කෙරෙන ගෙවීම් හා දේහීය බැංකු අතර වඩාත් පහසු වන බව මෙම අවස්ථාවට සහභාගි වූ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

මීට පෙර ශ්‍රී ලංකාවේ බැංකු අතර යුවාන් මඟින් මුදල් ගනුදෙනු කිරීමේ දී චීනයේ බැංකු හරහා ගෙවීම් යොමු කිරීමට සිදුවීම නිසා ඇති විය හැකි කාලය අවම කිරීමට ද මෙම නව පහසුකම් උපකාරී වන බවත්, ආනයන කරුවන්ට හා අපනයන කරුවන්ට වඩාත් පහසු මුල්‍ය සේවා ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙන බව ද හෙතෙම සඳහන් කළෙහි ය..