උණුසුම් පුවත්

රටේ අනන්තවත් ප්‍රශ්න තියෙද්දි ජනාධිපති හූතීන් මර්දනය කරන්න රටේ සල්ලි වියදම් කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

sajith premadasa

රටේ පාසල් යන දූදරුවන්ට කුඩා දරු දැරියන්ට එදිනෙදා ආහාර වේල සපයා ගත නොහැකි වී ඇති අවස්ථාවක තරුණ පරපුර මෙන්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් විපතට පත්වී ඇති මොහොතක විශාල වශයෙන් විරැකියාව ප්‍රවර්ධනය වෙමින් ලක්ෂ 220ම දැඩිව අසරණ වී ඇති මොහොතක රටේ මුදලින් රුපියල් මිලියන 250ක් වැයකර නාවික හමුදාවේ නාවුක යාත්‍රාවක් හූති අරගල කණ්ඩායම් මර්දනය කිරිම සඳහා යැවීමට රජය තීරණය කළේ ඇයි ද කියා ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ඇති මුදල් මෙසේ හූති කණ්ඩායම් මර්දනය කිරීමට යවන්නේ රටේ ණයවලින් බිලියන 25ක්වත් කපා දැමීමට විදේශ රටවල් පොරොන්දු වී ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ තුළින් ලැබෙන වාසිය කුමක්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට මේ රටේ ජනතාව විඳින දුක නොතේරෙන බවත් කුඩා දරුවාගේ සිට ගර්භනී මව දක්වාත් පාසල් දරුවන් සහ තරුණයන් පවා දැඩිව අසරණව සිටින බවත් මේ මුදල් රටේ අත්‍යාවශ්‍ය දේවල්වලට වියදම් කරන්නේ නැත්තේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ඇමෙරිකාව ඉන්දියාව වැනි ප්‍රබල රටවල් සිටියදී රාජපක්ෂ පුත්තු රොකට් යවා බංකොලොත් කළ මේ රටේ මෙවැනි දේවල් සිදු කරන්නේ තවත් රට බංකොලොත් කිරිමට ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.