උණුසුම් පුවත්

සරසවි සිසුන්ට වැඩබිමට ආරාධනා

ර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී විශ්වවිද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යාපාරික, තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා මෙම පරිවර්තනීය ප්‍රයත්නයන් සඳහා ක්‍රියාකාරීව එක් වන ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට ඇරයුම් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ පසුගියදා යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුව අමතමිනි. රටේ සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව වෙත පැවරී ඇති ප්‍රමුඛ කාර්යභාරය පිළිබඳව පැහැදිළි කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි. මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දිය හැකි අන්දමින් උතුරු පළාත දැවැන්ත සංවර්ධනයකට ලක් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සිසුන් දැනුවත් කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වෙන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.