උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන රනිල් අත උස්සයි ද? බෙදීගිය ශ්‍රිලනිප ය එකතු කරන්න රනිල් කපුකමක…… 2026-11-150 ජගත් ගේ සතියේ සටහන - 140 බෙදීගිය ශ්‍රිලනිප ය එකතු කරන්න රනිල් කපුකමක ආනන්ද පාලිතයි සජිතුයි පැටළිලා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය බදාදා (11) මාස තුනකට පසු රැස්වුණේ පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ 120 කු සිටින නමුත් පැමිණ සිටියේ ඉතා සුළු පිරිසක්. ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත්. පී. පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් ද පැමිණ සිටියේ නැහැ. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල නිතිපතා නොපැමිණෙන සාමාජිකයින් 15 ක් පමණ පිට පිට ම රැස්වීම් වාර තුනකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වි නැතැ යි මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දුන් විට එහිදී තීරණය වුණේ පිට පිට තුන් වතාවක් නොදන්වා රැස්වීම්වලට නොපැමිණෙන සාමාජිකයන් ගේ සාමාජිකත්වය අහිමි කිරීමට යි. අනතුරුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇඟිල්ල උළුක් කළේ පක්ෂයේ වෘත්තිය සමිති ප්‍රධානියකු වන ආනන්ද පාලිත වෙතට. කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අශොක් අබේසිංහ මහතා පසුගියදා පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම ගැන ආනන්ද පාලිත පක්ෂ නායකත්වයට චෝදනා කොට තිබුණා. ''අශෝක් අබේසිංහ පක්ෂයෙන් අස්කරපු එක වැරදි යැයි ඔබ මාධ්‍යවලට ප්‍රකාශ කොට තිබුණා. අපි එයා අස්කළේ නැහැ. එයාගේ ඉල්ලා අස්වීමේ ලියුම මම භාර ගත්තෙත් නැහැ. එනිසා එයා ඉල්ලා අස්වෙලත් නැහැ. එහෙම නැති යෙක් ගැන පිටතට ගිහින් පක්ෂ තීන්දුවලට පිටින් තැන තැන කතා කරන්න එපා" යැයි සජිත් ප්‍රේමදාස මහතා ඔහුට තදින් දොස් පැවරුවා. ''ඔයා ඔය වගේ වැරදි එක වතාවක් නෙවෙයි කිහිප වතාවක් ම කරල තියෙනවා. යුනියන් ප්‍රශ්න ගැනත් ඔයා එක එක කතා කියනවා. ඹීට පස්සෙ එහෙම කියල තිබුණොත් මම ඔයාව පක්ෂයෙන් අයින් කරනවා"" යැයි ද පක්ෂ නායකයා ඔහුට අනතුරු අඟවමින් ප්‍රකාශ කළා. ''මම කියන්නෙ රටේ ජනතාව කියන දේවල්. ප්‍රධාන විපක්ෂය වන අපේ පක්ෂය මීට වඩා පෙරළිකාර පක්ෂයක් වෙන්න ඕනැ. අපට බලය ගන්න ඕනැ නම් අපි විපක්ෂයේ අනිත් පක්ෂත් සමඟ එක්ව කටයුතු කරන්න ඕනැ" යැයි ආනන්ද පාලිත පැවසූ විට ''ඔයාට මොනව හරි කියන්න තියෙනවා නම් මෙතැනට ඇවිත් කියන්න. විවේචන තියෙනවා නම් මෙතැදි කරන්න. ඔයත් එකක් දැක්කම කියවන්න පටන් ගන්න එපා" යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ආනන්ද පාලිත මහතා මීට පෙර පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ වලට එරෙහිව ද ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබුණා. ඒ ගැන ද සඳහන් කළ පක්ෂ නායකයා තදින් ම කියා සිටියේ මීට පස්සෙ තමන්ට ඕනැ ඕනැ දේවල් කාටවත් කියන්න ඉඩ නොදෙන බවයි. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා අශෝක් අබේසිංහ මහතාගේ සිද්ධිය ගැන විශේෂ පකාශයක් කරමින් මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකත්වය පිළිබඳ හටගෙන ඇති ප්‍රශ්නයක කොටසක් බවයි. කුරුණෑගල දිස්ත්‍රිත්කයේ ප්‍රාදේශීය සභාවකට මන්ත්‍රීවරයකු පත්කිරීමට යාමේ දී දිස්ත්‍රික්කයේ තවත් මන්ත්‍රීවරයකු සමඟ අබේසිංහ මහතා ඇති කරගත් ආරවුලක් ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණයට හේතු වී ඇති බවත්, එයට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස මහතා මින් ඉදිරියට පළාත් පාලන ආයතනයක පුරප්පාඩුවක් ඇති වුණොත් කාගෙන්වත් අනුමැතිය නොගෙන පක්ෂය විසින් එම පුරප්පාඩුව පුරවන බව ද සඳහන් කළා. ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ අප මීට පෙර සඳහන් කළ අන්දමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදය නිසා එම පක්ෂයට මැතිවරණ සඳහා නාමයෝජනා භාරදීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 6 වැනිදා එම පක්ෂයේ නායකයින් කැඳවා දැනුම් දී තිබුණා. නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මැතිවරණ කොමිසමේ සභාපති ඒ. එල්. එම්. එස්. රත්නායක මහතා මේ බව පැවසූ බවයි වාර්තා වුණේ. එහෙත් සාකච්ඡාවෙන් පසුව පිටතට පැමිණි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍යයට පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලියාපදිංචි පක්ෂයක් සේ නොසැළකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසූ බවයි. මේ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් අතර මහත් කැලඹිල්ලක් හටගෙන තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදෙ සුරකින්න රනිල් කපුකමේ යනවාලු පසුව මැතිවරණ කොමිසම පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වන අතර පවතින ගැටලුව එහි ලේකම් ධූරයට පමණක් අදාළ වන බව පවසා තිෙබනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය පිළිබඳව බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණයේ දැනට විභාග වන නඩුවක් පවතින බැවින් එහි තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව ද කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙක අතර හටගෙන තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත් වී ඇතැ යි මල්පාර කාර්යාලයෙන් වාර්තා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ දයාසිරි ජයසේකර මහතා හමුවී ශ්‍රීලනිපයේ අර්බුදය ගැන සාකච්ඡා කොට ඇති අතරඑම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරුවන මහාචාර්ය ජී. එල්. පීරිස්, මහතා ද සහභාගි වී තිබනවා. පාර්ශ්ව දෙක සමගි කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි මැතිවරණ දේශපාලනයට ගෙන ඒම රටේ ප්රජාතන්ත්රවාදයට අත්‍යාවශ්‍ය කාරණයක් බැවින් තමා මෙයට මැදිහත්වීමට කැමති බව වික්‍රමසිංහ මහතා එසේ පවසා තිබෙන්නේ. මේ අනුව මෙම සතියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා ඇති බව ඔහුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියන්නේ මෙය රනිල් ගේ තවත් උප්පරවැට්ටියක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති කොට එහි සාමාජිකයින් තමා වෙත් බාගැනීමේ අරමුණින් ඔහු මෙයට අතගසා ඇති බවයි ඔවුන් පවසන්නේ. මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලනිපයේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔහුට දිගු කලකට යළි දේශපලාලනයට පැමිණිමේ හැකියාවක් නොමැති බව පවසා විකල්ප නායකයා ලෙස හිටපු ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා ගෙන ඒමට උත්සාහයක් දැරූ බව ද ඔවුන් පවසනවා. එය අසාර්ථක වූ පසු දැන් ර්ශලනිපය එක්කිරීමේ කටයුත්තට ඉදිරිපත් වී ඇති බව යි එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ. මේ අතර කාංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මින් ඉදිරියටදේශපාලනය නොකරන බවත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන බවත් දක්වා තිබෙනවා. කඩුවෙල නගරාධිපති ජරාව ඉල්ලූ කතාවට ආණ්ඩුවෙන් ඇහෙන කතා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පසුගිය සතියේ මාධ්‍යවල හා දේශපාලන අංශවල ප්‍රධාන මාතෘකාවක් වී තිබුණා. ඒ ඔහු කඩුවෙල පැවති රැස්වීමකින් පසු මාධ්‍යයට කර තිබු ප්‍රකාශයක් නිසයි. අතීතයේ මැති ඇමතිවරුන්ට අවුරුද්ද අන්තිමේ 'හැම්පර්' වැනි තෑගි වශයෙන් ලැබුණු බවත් දැන් මේ ආණ්ඩුව යටතේ ඒවා නොලැබෙන බවත් පැවසූ රන්ජන් ජයලාල් නගරාධිපතිවරයා ''අපිත් කනබොන මිනිස්සු, ඒ නිසා එවැනි දෑ අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ"යනුවෙන් ප්‍රකාශ කොට තිබුණා. ඔහුගේ එම ප්‍රකාශය සමාජ මාධ්‍යවල 'වයිරල්' වීමත් සමඟ සමාජයේ හා දේශපාලන අංශවල ඒ පිළිබඳව විවිධ අදහස් පළ වෙන්නට පටන් ගත්තා. මේ ගැන කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පැවසුවේ රන්ජන් ජයලාල් එසේ කීවාදැ යි හරියට ම පරීක්ෂා කර බලා අදහස් දැක්විය යුතු බවයි. එහෙත් වෙළඳ හා වානිජ ඇමති වසන්ත සමරසිංහ මහතා එම ප්‍රකාශය සළකා බැලිය යුත්තේ එය කළ මොහොතේ එහි සිටි ජනතාව අනුව බවත් කියා තිබුණා. එමෙන්ම රන්ජන් ජයලාල් තම පක්ෂයේ ප්‍රබල වෘත්තීය සමිති නායකයකු ව සිටි බවත් ඔහු මෙවන්නක් ප්‍රකාශ කළැයි සිතිය නොහැකි බවත් සමරසිංහ මහතා තව දුරටත් ප්‍රකාශ කළා. එහෙත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා රන්ජන් ජයලාල් ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම හෙළාදක්වමින් ප්‍රතික්ෂේප කළා. ''මෙවැනි ප්‍රකාශ කරන්නේ මොළේ අමාරු ඇති අයයි. කලින් ආණ්ඩු සමයේ ගෙනා හැම්පර් ආදි තෑගි බෝග තමන්ට ලබා දෙන ලෙස පැවසීම අල්ලස් ඉල්ලීමක් යැයි ද හඳුන්නෙත්ති ඇමතිවරයා ප්‍රකාශ කළා. මේ පිළිබඳව පක්ෂය විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමා පක්ෂයෙන් ඉල්ලා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියා. ජනාධිපතිවරයා ගේ සමීපතමයකු වන හදුන්නෙත්ති මහතාගෙන් පිටවූයේ ජනාධිපතිවරයාගේ අසහස් බවටි දේශපාලන විචාරකයින් පවසන්නේ. ජගත් Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති අනුර ගේ තෙවන අයවැය වාර්තාවේ (3 කොටස )