උණුසුම් පුවත්තාක්ෂණය

රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය පතිචාර ඒකකය රාජ්‍යාරක්ෂ රාජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සියලු දෙනා ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොසැලෙමින් කරන කැපවීම ප්රමිත ගේ පැසසුමට

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් ඊයේ දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක නිරත වූහ.

මෙම සංචාරයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රවය ප්‍රතිචාර ඒකකයේ කාර්ය භාර්ය, බෝම්බ නිශ්ක්‍රිය කිරීම සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ හැකියාව පිළිබඳවත්, විවිධ තර්ජනවලට මුහුණ දීමේදී මෙම අංශයේ සූදානම සහ උපාය මාර්ගපිළිබඳව සොයා බැලී

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් අනතුරුව යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් අමතා ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන්ගේ නොසැලෙන කැපවීම පැසසුමට ලක් කරමින්, එම කාර්යය සඳහා රජයේ සහයෝගය නොමඳව ලබාදෙන බැව් අවධාරණය කරමින් ජාතිය සුරැකීමේ කාර්යභාරයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

එතුමන් වෙත එහිදී ඉංජිනේරු බලකායේ සෙබලුන් විසින් රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර ඒකකයේ සහ බෝම්බ නිශ්ක්‍රිය බලඝණයේ කටයුතු සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු දැක්වෙන නිදර්ශනයක් ඉදිරිපත් කරන ලද අතර, මෙහෙයුම් වලදී ඔවුන් විසින් භාවිතා කරන විශේෂිත උපකරණ මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.