බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇතැයි ගුවන් හමුදාව විසින් නිරීක්ෂණයට යොදා ඇත.
මහර බන්ධනාගාර පරිශ්‍ර අභ්‍යන්තරයේ අද (01) පස්වරුවේ හටගත් උග්‍ර නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් අතරින් එක් අයෙකු මියගොසිනි. තවත් හයදෙනකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මේ නොසන්සුන් තත්වය අතරතුර බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් ද හටගෙන ඇත.
ගින්නඇති වී ඇත්තේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයෙ තුළිනි. එය මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ඉක්මනින් ම ගෙන ඇත.
තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සහ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂක රාජකාරි සඳහා වහාම කැඳවා ඇත.
මේ සිද්ධිය සැළවීමත් සමඟ එම බන්ධනාගාරයේ රැඳවියන්ගේ නෑදෑයින් විශාල පිරිසක් එහි පැමිණ කෑකොස්සන් ගසමින් ද, හඬා වැලපෙමින් ද සිටින අතර ඔවුන් ද නොසන්සුන්කාරීව හැසිරෙන අයුරු දැකගත හැකි විය.
මේ අතර මහර බන්ධනාගාර පරිශ්‍රය හා ඒ අවට ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. මේ වන විට ප්‍රදේශයේ තත්වය සාමකාමී ස්වරූපයකට පත් කරන්නට ආරක්ෂක අංශ වලට හැකිවී තිබේ.
බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇතැයි ගුවන් හමුදාව විසින් නිරීක්ෂණයට යොදා ඇත.

