උණුසුම් පුවත්කාලීනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව රාජ ග්‍රාම 13 දා එළි දකී 2026-09-070 ලේඛක ලේඛිකාවන් 18 ක ගේ උත්සාහයක් රාජග්‍රාම සංස්කාරක අනුර යසමිත් ලේඛක ලේඛිකාවන් දහඅට දෙනකු හවුල් කරෙ ගෙන අනුර යස්මිත් ලේඛකයා විසින් සංස්කරණය කරන ලද රාජ ග්‍රාම' අගනා ග්‍රන්ථය එළඹෙන 13 වැනිදා හික්කඩුව සංචාරක පුරවරයේ පිහිටි 'හික්කා' ට්‍රාන්ස් හෝටල් ශ්‍රවණාගාරයේ දි එළි දැක්වේ. හිටපු ඇමතිවරයකු මෙන් ම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා වෙත රාජ ග්‍රාම පිරිනැමේ. සීනිගම හා බැඳුණු දෙවොල් දෙවියෝ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ආදි කතෘ ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද මාහිමි, මහා පඬිරුවනක් ටූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ මහනායක දොඩම්දූවේ සිරි පියරතන මා හිමි, තොටගමුවේ ශ්‍රී පඤ්ඤාමෝලි තිස්ස මහා නායක ස්වාමීන් වහන්සේ, ගල්ඔය මිටියාවතේ බොදු ප්‍රබෝධයේ නියමු හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දඩලු පාර්ශ්වයේ මහා නායක බෝපාගොඩ සිරි සුමන මාහිමියෝ, උගත් පරපුරක් දැයට දායාද කළ කහවේ ඤාණානන්ද නාහිමි, දද රදළ ගම් විමනැග පතිරද දෙව් සැරදෙනේ, දොඩම්දූවේ ශ්‍රී ධර්මසේන විද්‍යාසාගර පඬිතුමා, මුද්දර රජා නමින් විරුදාවලි ලත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමා, අකුරළින් ලොව ජයගත් මෙරෙඤ්ඤ ජයරත්න පරපුර, මහාකවි ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා සූරීන්, වැඩකරන ජනතාවට අයිතිවාසිකම් පබාදුන් ඇම්. ජී. මැන්දිස් මැතිතුමා, ලෝක ගිනිදැල් නිවූ සා නියෝජිත ආචාර්ය නෙවිල් කනකරත්න මැතිතුමා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ, කවියට පණදුන් බී. එච්. අමරසේන කිවිඳු, ටෙලි නාට්‍ය හඳුන්වා දුන් ධම්ම ජාගොඩ සූරීන්, රාජග්‍රාම ග්‍රන්ථය ජනතාව අතට පත් වෙන්නේ මැතිසබයේ රසකතා, බද්දේගම දේශපාලනය, වැලිතොට පුණ්‍ය භූමි, දිසාපාමොක් මිණි පහන ආදී කෘති පළ කළ අනුර යසමිත් ගේ සංස්කරණයෙනි. ‘රාජ ග්‍රාම‘ නම් මේ අගනා වටිනා සාර සංග්‍රහයට පෙරවදන එකතු කරන්නට සංස්කාරක අනුර යසමිත් ලේඛකයාණන් මවෙත කරන ලද ඇරයුම කෙරෙහි මසිත් හි හටගත්තේ අපමණ වූ සතුටකි. එය මට දක්වන ලද ගෞරවයක් හැටියට සැලකීමේ වරද කිමැ. මේ ශාස්ත්‍රීය නිර්මාණ සංග්‍රහය ‘රාජ ග්‍රාම‘ නමින් ලියැවෙන්නේ ලේඛක ලේඛිකාවන් දහ අට දෙනකුගේ දායකත්වයෙනි. ඔවුන් හැම දෙනා ම රටට වැඩදායක යමක් කරන්නට කැපවීම කෙරෙහි ප්‍රශංසා කළ යුත්තේ ම ය. රාජ ග්‍රාම යනු මා උපන් බිම යි. මා උපන් බිමේ වටිනාකම රටට ලොවට කියන්නට ලිපි ලියන ලද ලේඛක ලේඛිකාවන් කරන ලද උත්සාහය කෙරෙහි ඔවුනට කෘතවේදීත්වය දක්වන විට හිතට නැඟෙන්නේ මහත් මැ වූ ආඩම්බරයකි. එය බෝ අහිංසක ආඩම්බරයක් බව කිව යුත්තේ යැ. මෙවන් කෘතියක් ලාංකේය පොදු ජනයා අතට පත් කරන්නට අනුර යසමිත් ගෙනැති පරිශ්‍රමය අමිල ය. ඔහු මේ උදෙසා ගෙන ඇති වෙහෙස මාන්සියට අප ගේ ප්‍රණාමය ඔහුට මෙන් ම මේ කෘතිය ඔපවත් කළ සියලු දෙනාට පිළිගන්වන්නේ හද පිරි බැතියෙනි. මොවුන් හැම දෙනා ම සිය පන්හිඳ හසුරුවා ඇත්තේ පරිසේවිතව බව මෙහි ඇති ලිපි හදාරණ විට මැනවින් පෙනේ. ලේඛක සුධීමත් හු බෝ හැදෑරීම් කර ඉතා අපූර්වට පෙළ ගස්වමින් රාජ ග්‍රාමයේ වතගොත අකුරු කිරීමට ගෙන ඇති උත්සාහය සියලු අතින් සාර්ථකව ඇති බව මේ කෘතිය කියවන පාඨක කවරකුට වුව පෙනී යනු ඇත. රාජ ග්‍රාමයෙහි හෙවත් රජ්ගම, නැත්නම් අද භාවිතයේ යෙදෙන රත්ගම නම් මා උපන් බිමෙහි ඉතිහාසය ඉතා සැකෙවින් පෙළ ගස්වමින් ශාස්ත්‍රපති ඒ. විජේපාල ද සිල්වා ලේඛකයාණෝ පාඨකයා රාවණා රාජ්‍ය සමයෙන් රාජ ග්‍රාමය ඇරඹී ඇති බව කියයි. “භීම මණ්ඩලයට අයත් ‘රාජග්‍රාමයට‘ එම නම ලැබී ඇත්තේ රාවණා රජු එම ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ නිසා යයි මතයක් ජනගත වී ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙළ අසුර ශිෂ්ටාචාරය පැවති අවධියේ ‘දසිස්‘ නමින් හැඳින්වුණ රාජ්‍ය දහයකට අධිපතිකම් දැරූ අධිරාජයකු වශයෙන් සුපතළ ‘මහා රාවණා‘ උපත ලැබුවේ මෙම භීම මණ්ඩලයට අයත් (රජ්ගම) යක්වල පිහිටි ‘කේසනී‘ ගේ මාළිගයේ බවත්, එවකට ‘සුමාලි රජ්‘ පදිංචිව සිටියේ මෙම ප්‍රදේශයට අයත් ‘රෙජ්ජිපුරයේ‘ බවත් වියත් පඬිවරයකු වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයෝ පවසති. ‘කේසනී‘ යනු රාවණාගේ මෑණීයන් වූ අතර ඇයගේ පියා වූයේ රුහුණු පුරවරයේ පාලකයා වූ ‘සුමාලි රජු‘ බවත්, රාවණා රජු ‘පුලත්ස්‍ය‘ සාමිවරයාගේ පුතකු වූ ‘වයිෂ්වර‘ ඍෂිවරයාගෙන් පැවතෙන බ්‍රාහ්මණ වංශිකයකු බවත් මහාචාර්ය දයානන්ද සෝමසුන්දරයෝ පවසති. මේ අනුව එකල උසස් වංශයක් වූ බ්‍රාහ්මණ වංශයේ රාවණා රජු උපත ලැබූ පෙදෙස ‘දද රදළගම‘ විය. ඉහත සිදත් සඟරා වැකියෙන් ද තහවුරු වේ’ යනුවෙන් ලියුම්කරු දද රදළ ගම් විමනැග – පතිරජ දෙව් සැරදෙනේ’ යනුවෙන් මෙහි 68 වැනි පිටුවෙන් ඔහු විසින් අරඹන ලද පිටු 28 ක් පුරා විහිදුවා ඇති ලිපිය බෝ සාරගර්භ තොරතුරු වලින් පෝෂණය කර ඇත්තේ පාඨකයා නොදත් ඉතිහාසයෙන් බිඳක් ගෙනහැර පාමිනි. එහි දී ලේඛක ධීමතා විසින් දේවපතිරාජ මහාමාත්‍යවරයා පිළිබඳව ද සැඟවුණු විවාදපන්න තොරතුරු රැසකින් පාඨකයා දැනුවත් කරන්නට ගෙනැති උත්සාහය ප්‍රශස්ත ය. තොටගමු රත්පත් රාජ මහා විහාර මායිමේ උපත ලද දැනුදු එගම් පියසෙහි දිවි ගෙවන රාජ්‍ය සම්මානනීය කිවිවරයකු වන රංජිත් මල්ලියාවඩු “තොටගමුවේ ශ්‍රී රාහුල මහා සඟරාජයාණන් පිළිබඳව ලියා ඇති මෙහි පළවන දෙවැනි ලිපිය ද ඉතා රමනී ය අකරු කිරීමකි. තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ යතිවරයාණෝ බුද්ධ පුත්‍රයෙක් පමණක් නො වෙති. සිංහල කවි කෙත අස්වැද්දූ මහා කවියෙක් ද වෙති. උන්වහන්සේ විසින් විරචිත “සැලළිහිණි සන්දේශය’ සිංහල සන්දේශ කාව්‍ය සාහිත්‍ය ඉතිහාසයෙහි මුදුන් මල්කඩ සේ මෙදා ද සලකනු ලැබීමෙන් පෙනී යන්නේ සිංහල කාව්‍ය වංශයෙහි උන්වහන්සේට හිමි ස්ථානය යි. ජගත් කවියේ හැඩ රුව සිංහල කවියේ හැඩරුව කෙරෙහි කොතෙක් බලපෑම් කළ ද උන්වහන්සේ විසින් විරචිත දසමත් විරිතෙන් යුත් කවිය නූතන කවියෝ ද ස්වකීය කවියෙහි ලද ආභරණයක් කර ගනිති. සමුද්‍ර ඝෝෂ වෘත්තයේ ඇති අනේක විරිත්වලින් කව් ගී පබඳිති. මල්ලියාවඩු කිවිවරයාණෝ ඉතා රසවත් අයුරින් රාහුල සඟ රාජයාණෝ පාඨක නෙත් අබියසට කැඳවන්නේ නිරිඳු බුවනෙක බා - බලය තෙවිටක් පසුබා මර යුදයට නොබා - මම ය පැරකුම් රජු ගෙ ජයබා පැදියෙන් අප උන්වහන්සේ ගේ කවීත්වය කෙරෙහි ආශක්ත කරවමිනි. සිරිපාල මාදුවගේ විසින් ‘සීනිගම හා බැඳුණු දෙවොල් දෙවියෝ හිසින් යුත් ලිපියෙන් ඇරඹෙන රාජ ග්‍රාම වංශ කතාව සරුසාර කරන්නට ඉකුත් සියවස් දෙකක අතර සමයේ රාජ ග්‍රාමයෙන් හෙවත් රජ්ගමින් නැතහොත් රත්ගමින් බිහිවූ මහා යතිවරයාණන් වහන්සේලා ෂත් නමක් විසින් බුදු සසුනට හෙළ දීපයට හා හෙළ දනන් ට කරනා ලද අමිල මෙහෙය මෙවන් කෘතියකින් හෝ ප්‍රකාශයට පත් කිරීම ජාතියට ම කරනා අනගි සේවාවකි. හෙළ දෙස, හෙළ බස, හෙළ රැස රැක්මට, වසර 2570 ක් පුරා මෙ බිමෙහි උපන් ජනයාට මඟ හෙළි පෙහෙළි කරමින් දෙස් විදෙස් හි මේ කොදෙව්ව ඔසවා තබන්නට සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන බුද්ධ පුත්‍රයෝ කළ අමිල මෙහෙවරට දායක වන්නට රාජග්‍රාමයෙහි ජන්මදායාදය ලත් අති උත්තරීතර සංඝ පීතෘවරයාණන් අතර බැබළුණු යතිවරයාණන් වහන්සේලා අට නමක් ගැන මෙහි ඇතුළත් ය. එමෙන් ම මේ බිම ලෝකයා අතර ප්‍රචලිත කරවමින් දැයෙහි සමයෙහි උන්නතිය උදෙසා ඇපකැප වුණු ගිහි පිරිසින් ද රජ්ගම පෝෂිත ය. ඒ අතර අග්‍රගන්‍ය චරිත කිහිපයක් මෙහි දැක්වීම බෝ අගනේ ය. මහා දානපතිවරයකු සේ හෙළ සමාජයට ඉමහත් මෙහෙවරක් කළ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා උතුමාණන් නෙත්තියෙහි ම ලා සඳහන් කර තිබීමට අනුර යසමිත් දක්වා ඇත්තේ පිදිය යුත්තන් පිදීමට බුදුන් වහන්සේ අපට කියා දුන් පාඩම සිහිගන් වමිනියි මට සිතේ. මා දිවි ගෙවන බිමේ අද එතුමන් උපන් නිවහන නොව එහි පාදමවත් දැක්මට නොමැතිවීම ඉතා කනගාටුවට කාරණයකි. ම නිවසත් එතුමාණන් ජන්ම දායාදය ලද නිවහනත් අතර ඇත්තේ ඇස්මානයකටත් අඩු දුරකි. ඒත ඒ ඇස්මානයට හසුනොවී ඒ උතුම් බිම සංචාරක හෝටලයකට සරිකෙරී ඇත්තේ සිය පරවේණීය දේපොළ රජ්ගම පමණක් නොව රට දස අත දනන් වෙනුවෙන් වැය කොට වෙහෙර විහාරස්ථාන, පාසල්, රෝහල්, වැඩිහිටි නිවස්න, ළමා නිවස්න ඉදිකර රටක් සුවපත් කරන්නට වියපැහැදම් කරන ලද මිනිසකුගේ වටිනාකම නොදන්නා පිරිසක් බවට කාසි පණම් බලවත් වන තරමට සමාජය සාහසික වී ඇති බැවින් නොවන්නේ ද? හෙළකලා කෙත සරු කරන්නට කැපවූ මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි රාජ ග්‍රාම පුතණුවකු ද හෙළ කවිකෙත අස්වැද්දූ හික්කඩුවේ බී. එච්. අමරසේනයාණන් ද රූපවාහිනියේ සිල්ප දැක්වූ ධම්ම ජාගොඩ වැනි නිර්මාණශීලී කලාකරුවන් ද සුලබ බිමක් සේ රජ්ගම සඳහන් කිරීම වටී. මේ සාර සංග්‍රහයට ඇතුළත් නොවූ තවත් උගතුන් වියතුන්, දේශප්‍රේමීන් ගෙන මා උපන් මේ රජග්‍රාමය පෙහොසත් බව සිහිපත් කළ යුත්තේ ම ය. මේ කෘතියට ඒ උතුම් පුරුෂයන් පිළිබඳව සටහන් නොවුණ ද ඉදිරියේ ප්‍රකාශයට පත් කෙරෙන්නා වූ මෙවන් කෘතියකින්, සාර සංග්‍රයකින් ඒ අඩුව පිරවීමට අනුර යසමිත් ලේඛකයාණන්ට හැකිවේවා යනු අපගේ පැතුම යි. මා මෙහි ආරම්භයේ සඳහන් කළ කරුණක් ඔබට සිහිපත් කරමින් මෙහි සමාප්තියට පිවිසීමට කැමැත්තෙමි. කෙසේ වුව මේ මහානර්ඝ ගත රටට දැයට ලොවට දායාද කරන්නට ඇප කැප වූ යසමිත් සහෘදයාණන්ට අපගේ කෘතඥතාව යළිත් දක්වමි. යනුවෙන් මෙහි පෙරවදන ලියා ඇති සුගතපාල මැන්දිස් සඳහන් කර ඇත. පසුවදන ලියා ඇත්තේ ප්‍රවීණ ලේඛක සෝමදාස අබේවික්‍රම මහතා විසිනි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article හයිකු කව් පද අමුණන අනුෂා