හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතා ගේ දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට පෙරේදා (05) රාත්‍රියේ සොර කල්ලියක් එහි වූ වටිනා කියන භාණ්ඩ හා දේපළ රැසක් සොරාකම් ගෙන ඇතැයි පොලිසිය කියයි. ද මැල් මහතා මේ රටේ හුන් ඉතා කෘතහස්ථ සිවිල් නිලධාරියකු මෙන් ම අති දක්ෂ දේශපාලනඥයෙකි.
මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
දිගු කලක පටන්නී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම්වවරයා සේ කටයුතු කළ කේ.එච්.විල්ෆ්රඩ් මහතා විසින් මේ පිළිබඳව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙතද පැමිණිලි කළ බව අපේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයා විසින් කරන ලද විශේෂ නියෝගය මත පොලිස් කණ්ඩායමක් ද ගන්දර පොලිසිය විසින් පවත්වන විමර්ශනවලට අමතරව පරීක්ෂණ සිදුකරනා බව ආරංචි මාර්ග කියයි.
අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයකි.