උණුසුම් පුවත්

රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්දීමේ පුරෝගාමියා වූ පුරාා විසර ඒක‌ොාළහක් අයවැය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ භාග්‍යය ලත්    කෘතහස්ථ දේශපාලනඥයකු සේ පතල නමක් හිමි රොනී ද මැන් මහතා අද හවස පෞද්ගලික රෝහලක දී ජීවිතයෙන් සමුගෙන ඇත. ඔහු මිය යන විට අනූනම වියේ පසු විය.

1925 අප්‍රියෙල් මස 11 වැනි දා  ජන්මලාභය ලද  රොනල්ඩ් ජෝෂප් ගොඩ්ෆ්‍රි ද මැල් මහතා අති දක්ෂ  සිවිල් පරිපාලන නිලධාරියකු සේ වෘත්තීය දිවිය ඇරඹී ය. ඔහු කීර්තිමත් දේශපාලනඥයෙකි. 1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය දරමින් ඔහු ලාංකේය ආර්ථික, දේශපාලන හා සමාජය උඩුයටිකුරු කළ චරිතය යි.

ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ද මැල් මහතා විශ්වවිද්‍යාලයීී ය අධ්‍යාපනය ඉතා ඉහළින් උපාධිය සමත් වී සිවිල් සේවයට එක් වූයේ 1948 දී ය.

ඔහු දේශපාලනයට පිවිසියේ 1965 වසරේ දී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කොට බිබිල අසුනින් පරාජයට පත්ව 1970 මහ මැතිවරණයේ දී දෙවිනුවර ආසනයට එම පක්ෂයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි.

අනතුරුව ‌රොනී ද මැල් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී 1977 මහ මැතිවරණයෙට දෙවිනුවර ආසනයට තරග කොට යළි පාර්ලිමේන්තු වරම් ලැබ මුදල් අමාත්‍ය ධූරය ට පත් වී සිය මංගල අයවැය ඉදිරිපත් කරමින් ව එතෙක් සංවෘත ආර්ථිකයක් පැවති මෙරට ආර්ථිකයට නිදහස් වෙළඳ පොළ ආර්ථිකය හඳුන්වා දෙමින් විවෘත ආර්ථිකය ස්සේ රට ඉදිරියට ගෙන යෑමේ වැඩ පිළිවෙල දියත් කළේ ය. 1988 දක්වා ඔහු මෙරටේ සිටි මුදල් ඇමතිවරයා යි. අනතුරුව දේශපාලනයෙන් සමුගත් ද මැල් මහතා විචක්ෂණශීලී ව සිය වගකීම් මැනවින් ඉටු කළ දේශපාලනඥයෙකි.

ඔහුගේ අවමංගලෝත්සවය පසුව දැනුම් දෙනු ඇත.