පනත හරහා සමාජ මාධ්‍යයට අහිතකර බලපෑමක් සිදු වෙනවා
පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ පෞද්ගලික අභිලාෂයන් නොව ලක්ෂ 220 ජනතාවගේ පොදු අභිලාෂයන් මුදුන්පත් කරන්න මේ පනත වහා හකුලා ගන්න
ව්‍යවස්දායකය තුළ නීති සම්පාදනයේ දී ප්රශස්ත ප්රබුද්ධ ආකාරයට එය සිදුවිය යුතු වුවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ දී එවැන්නක් සිදුව නොමැති බවත් ඇමතිවරුන් විසින් පෞද්ගලික චරිත ඝාතන, පෞද්ගලික කෝන්තර ආවරණය කිරීම සඳහා එම පනත් කෙටුම්පත යොදා ගෙන ඇති බවත් ඒ තුළ ලක්ෂ 220 ක් වූ ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලක්ෂ 220 ක් ජනතාවගේ පොදු අභිලාෂයන් මූලික කර ගෙන නීති සම්පාදනය කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ පෞද්ගලික අභිලාෂයෙන් මුදුන්පත් කර ගැනීම අරමුණු කර ගෙන නීති සම්පාදනය වන්නේ නම් ඒ තුළින් මෙරට පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන්නේ යැ යි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ තළේ ය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතට අදාළ විවාදයේදී අදහස් පළකරමිනි.
එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරකසභාව ද මේ නීති සම්පාදන කටයුත්තේ දී තමන්ගේ යුතුකම හරියාකාරව ඉටු කර නොමැති බව යි. මාධ්‍ය තාරුණ්‍යය උරුමය හා නූතන පුරවැසියා ලෙසින් එය හැඳින්වුවත් මාධ්‍ය කෙලසන තරුණ අයිතිය ඉවත් කරන උරුමයක් නොව කරුමයක් වුණු ගල් යුගයට රට ගෙන යන යෝජනාවක් සම්මත කළ කමිටුවක් ලෙස හැඳින්විය හැකි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරණ මහමැතිවරණ පවත්වන මෙම වසරේදී රටේ ජනතාවගේ භාෂණයේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස ප්රජාතන්ත්රවාදී අයිතිය සහමුලින් ම කෙළෙසීම අරමුණු කර ගෙන මෙම පනත ඉදිරිපත් කර ඇති බවත් මේ පනත හරහා රටේ ඩිජිටල් ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත හරහා සමාජ මාධ්‍යයට අහිතකර බලපෑමක් සිදු වෙනවා
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ප්රජාතන්ත්රවාදය සුරැකීමේ කුළුණු 03 ට එක්වන නවතම කුළුණ වන මාධ්‍ය කුළුණට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත හරහා දැඩි බලපෑමක් එල්ල වන බවත් ඒ තුළින් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයන්ගේ නිදහස සීමාවනවා යි හේ කීයේ ය.
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ප්රජාතන්ත්රවාදය සුරැකීමේ කුළුණුවල සිදුවන වැරදි අඩුපාඩු පෙන්වාදීමේ හැකියාව මාධ්‍ය සහ සමාජමාධ්‍යට පැවැතියත් මේ පනත හරහා එය ද සීමා වන බවත් එබැවින් මාධ්‍ය සහ සමාජමාධ්‍ය නිදහස සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.