ඒකක 180 ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ, විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ වෙනසක් නොවේ
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව, ගෘහස්ථ කාණ්ඩයේ ඒකක, 180 ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ, විදුලි ගාස්තු 18% කින්, ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
▪️ඒකක 180 ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ, විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ, කිසිදු සංශෝධනයක් සිදු නොවේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද දිනයේ මේ සම්බන්ධයෙන් ගත් අවසන් තීරණය අනුව මේ බව සඳහන් කරයි.
පවතින බලශක්ති පිරිවැය සැලකිල්ලට ගනිමින්, මේ සංශෝධනය සිදු කර ඇති අතර, මේ පිළිබඳව පැවති මහජන අදහස් විමසීම්වලින් අනතුරුව කොමිසම මෙම තීරණයට එළැඹ තිබේ.
