සමසමාජයෙන් දේශපාලන ගමන ඇරඹූ ඔහු වත්මන් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකි
ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිතයකු වූ ප්රවීණ නීතිවේදී ලාල් විජේනායක මහතා ඊයේ (31) දිවි සැරිය නිමා කරන ලදි. ඔහු දිවිගමන හමාර කරන විට 85 වැනි වියේ පසුවිය.
ලංකා සමසමාජ පක්ෂයේ දීර්ඝ කාලයක පටන් සාමාජිකයකු සේ ක්රියාකළ ඔහු එහි දේශපාලන මණ්ඩල සමාජිකයකු ද විය. ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත්වූ ඔහු අනතුරුව එක්සත් වාමාංශික පෙරමුණ නිර්මාණය කරන්නට කැප වූයේ ය.
අභාවප්රාප්ත ලාල් විජේනායක මහතා මහනුවර ධර්මරාජ විද්යාලයෙන් අධ්යාපනය ලැබූවෙකි. හේ පේරාදෙණිය විශ්වවිද්යාලයේ විද්යා පීඨයේ ද කොළඹ නීති විද්යාලයෙන් ද ඉගෙනුම ලබ වෘත්තීය නිතිඥවරයකු සේ දිවිගමන සරි කර ගත්තේ ය.
පළාත් සභා ක්රමය හඳුන්වා දීමෙන් පසු මධ්යම පළාත් සබාවේ විපක්ෂ නායකවරයා වූයේ ද ලාල් විජේනායක මහතා යි.
දේශපාලන ක්ෂේත්රයේ බොහොම ක්රියාකාරී චරිතයක් සේ රටේ කවර ප්රශ්නයක දී වුව හේ නොබියව සිය වගකීම් ඉටු කරන්නට පෙරමුණට ආ චරිතයකි. ජාතික ජන බලවේගය ඇරඹීමෙහි දී ඊට පූර්ණ දායකත්වය නොඅඩුව සපුරාලන ලද හේ එහි විධායක කමිටු සාමාජිතයෙක් සේ කටයුතු කළ අතර ඒම පක්ෂයේ වත්මන් පාලන තන්ත්රය විසින් ආණ්ඩුක්රම ව්යවස්ථාව ඉදිරිපත් කළ විට ඊට එරෙහිව සක්රීයව පෙනී සිටි ව්ද්වතෙකි.

