උණුසුම් පුවත්

විශ්‍ාමික ලුතිනන් කර්නල් රත්නප්‍රියබන්දු මහතා සමගි ජන බලවේගයට එක්වෙයි.

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් එතුමාව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්රධානියා ලෙස පත් කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් දේශබන්දු, දේශමාන්‍ය, ආචාර්ය ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු මහතා ද අද (1) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.

වසර 29 ක යුද හමුදා සේවය කාලය තුළ ඔහු 2006-2009 කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යයක්ෂවරයා ලෙස කටයුතු කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කර ඔවුන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල කටයුතු කිරීමට යෙදවීම, යාපනය කිලිනොච්චි මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 600ක විශේෂ කජු ව්‍යාපෘතියේ අධීක්ෂණ ලෙස ද කටයුතු කර තිබේ.

1971 අප්‍රේල් මස 24 වැනි දින මෙළොව එළිය දුටු ඒ මහතා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව යුද හමුදාවේ ආධුනික කැඩෙට්වරයකු ලෙස හමුදාවට එක්ව දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා හමුදා සේවයට අවශ්‍ය ඉහළම සුදුසුකම් සපුරා ගැනීමට  සමත් විය. වෘත්තීය සුදුසුකම්වලට අමතර සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් ද ලබා ගැනීමට සමත් වූ ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා යුද්ධයෙන් පසු උතුරේ ජනතාව නැවත පදිංචි කිරීමේ කාර්යයේදී ඉටු කළ සේවාව අතිමහත්ය.