එක පැත්තකින් ගංවතූර ය. වැස්ස වලාහක දෙවියන් අට්ටි හැළෙන්නට වැසි වස්සන්නේ ය. කඳු කඩා හැළෙන්නේ ය. නාය යෑම් ගැන පරෙස්සමෙන් ඉන්නැ යි අදාළ අංශවල නිලධාරීන් නිතපතා ම පාහේ කියන හැටි අසේ. ඒකෙ අඩුවක් ඇති වෙන බව කාල ගුණේ කියන්නේ පාළොස් වැනිදා යින් පස්සෙ බව ය. වැස්සත් එක්ක අත්වැල් අල්ලා ගන්නේ නේකාකාර ලෙඩ රෝග ය. දැනටමත් ෙඩංගු රෝගය පැතිරෙමින් පවතී. ඔය අස්සේ සරම්ප රෝගය ද පැතිර යයි. වෛද්‍යවරුන් කියන පරිදි නම් සරම්පවලින් ද ජනතාව පරෙස්සම් විය යුතු ය. අපි පැටි සංදියේ සරම්ප රෝගයට ගොදුරු වූයේ පුංචි පැටවුන් ය.
මේ සියල්ල එක්ක අත්වැල් බැඳ ගන්නට ජනතාවට සිදුව තිබිය දී ආණ්ඩුවෙන් හිස් චප්ප වෙන්න ම දැවැන්ත කුළුගෙඩි ප්‍රහාර හැම වැසියකුට ම කෙළිමින් සිටී. මිනිසුන් ගේ ඉවසීමේ සීමාව තාම පැනලා නැත.කොයි මොහොතක හෝ ඒ වැඩේ ද ආපහු වංගියක් සිදුවෙන බව කාට නං කිව හැකි ද
පාර්ලිමේන්තුවේ උත්තමයනට විශේෂයෙන් රට කරවන උන්නැහෙලා ට මෙලෝ අමාරුවක් නැති බව පෙනේ. උන්නැහෙලා ගිය ගිය තැන බොරුවට නාහින් අඩති. හැබැයි 18% කින් වැඩ් එක වැඩි කරන කොට සිග්නල් කනු වෙන්නේ බොරු සිල් රකින්නන් වගේ ය.
වෘත්තීය සමිතිකාරයෝ ද තැන් තැන්වල ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණවල නියැලෙන්නේ පුරුද්දට වගේ ය. එහෙම කරන්නේ ද උන් උන් ගේ දේශපාලන උවමනාවන් පිරි මහ ගන්නට බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කිසිවකුට මේ රට ගැන ඇල්මක් ආදරයක් ඇති බව පේන්නට නැති බව අපට නං පෙනේ.
කෙරෝනා උවදුර පැතිරුණු සමයේ ඒක එක එක ප්‍රදේශවල දක්ෂකම්වලින් පිරිපුන් තරුණයන් නේකාකාර නිර්මාණ කළ වග ඒ දවස්වල රූපවාහිනී වලින් හෝ ගා එළියට පැන්නේ ය. දැන් ඒ තරුණයන් ඉන්නවා ද නො ඉන්නවා ද කියන්නට කිසිවකු දන්නේ නැති ගාන ය.
පාර්ලිමේන්තුවේ උත්තමයන් දෙන්නකුට පොදු මමජන විරෝධය හමුවේ සිද්ධ වුණේ ආ පයින් ම ආපහු හැරී යන්නට යි. ඒ ඌව පළාතේ අග නගරයේ දී හා රජරට අපේ පළවැනි රාජධානියේ දී ය. ඔය ආණ්ඩුවට එරෙහිව පැව නැඟෙන දැවැන්ත විරෝධයේ දෙවැනි වෙඩි මුරය බව කියන්නට සිදුව ඇත්තේ බලවත් කනගාටුවෙනි. ඒ ටික කියා අදට අපි මෙනැතින් හමාර කරන්නෙමු.
ලෙඩ පිට ලෙඩ හෙවත් කොරේ පිටට මරේ
