ආර්ථිකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණයදේශපාලන ලේකම්වරුන් දෙන්නෙක් අමාත්‍යාංශ දෙකකට පත් කෙරෙති 2026-11-090 ඒ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයටත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කර ඇත. මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි එම මහත්වරුන් වෙත භාර දෙන ලදී. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අනුර ගෙ බජට්ටුව 12 දා එයි – මාධ්‍යයේ වගේ වගක් නෑ. ජනතාවට උනන්දුවකුත් නෑ Next Article පාස්කු වින්දිතයින්ට ගෙවූ අයුරින් වැසි වින්දිතයින්ටත් පැලවත්තෙන් වන්දි