උණුසුම් පුවත්විදෙස්

ලොව විශාලතම සංචාරක නෞකාව 27 දා දියත් කරයි

යිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල බව කියන එතෙක් මෙතෙක් ලොව විශාලතම සංචාරක නෞකාව ලබන 27 වැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නුවර සිට යාත්‍රා කිරීම කැරිබියන් මුහුදෙන් ඇරඹීමට නියමිත බව වාර්තා වේ. icon of the seas නමින් හඳුන්වන මේ නෞකාව දිගින් අඩි 1198ක් වන අතර, මේ වන විට අවසන් නියාමන පරීක්ෂණ සිදු කරමින් පවතින බව ද වාර්තා වේ.

අමුත්තන් 5610කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 2350කට එක්වර ගමන් කළ හැකි එම අතිවිශාල සංචාරක නෞකාව තට්ටු 20කින් සමන්විත බව ද වාර්තා වේ. නෞකාව ඉදි කිරීමට දින 900ක් ගත වී ඇතැයි ද වාර්තා වේ.