උණුසුම් පුවත්කාලීන

ලොව හොල්ලන පොතක් ගෝඨා ලියයි – හෙට වෙළඳ පොළට

ජාත්යන්තරයේ අනුග්රහයෙන් ලොව කෙරනා 'රෙජිම් චේන්ජ්' කෙබඳුද?

ජනාධිපති මන්දිරය ආක්‍රමණය කරමින් ‌අරගලකරුවන් අරගලකාරියන් දහස් ගණනක් "ගෝඨා ගෝ හෝම්" යනුවෙන් ලොවට ම ඇහෙන්න හඬ නඟද්දී ඔවුනට කිසිදු ශාරිරික හිංසනයක් නොකර ජනපති ධූරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එකී අරගලයේ සියලු තොරතුරු අනාවරණය කරමින් ඇත්ත කතන්දරය මොකක්දැ යි රටට ලොවට කියනා කෘතියක් හෙට (7) මුද්‍රණද්වාරයෙන් නිකුත් කරනා බව නිවේදනයක් මඟින් පවසයි.

ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් ලියැවුණු එම කෘතිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු කරමින් දෙස් විදෙස් කුමන්ත්‍රණය කෙසේ ක්‍රියාත්මක වූයේ ද යන්න මෙයින් අපට හෙතෙම කියයි.

ගෝඨාභය රාජපක්ෂයන් ගේ මේ කෘතිය සිංහල හා ඉංග්‍රිසියෙන් පාඨක ජනතාව අතට පත් කරනා මේ කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාකාරකම් කෙබඳුදැයි අප හැම කෙනකුට ම විශේෂයෙන් මතු පරපුරට ගෙන දෙන්නේ කදිම පාඩමක් බව අපගේ විශ්වාසයයි.