උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංගසංස්කෘතික

වප් පුන් පොය අදයි

තව්තිසා දෙව්ලොව වැඩ වැදූරූ බුදුන් වහන්නේ යළි මනුලොවට සංකස්ස පුරවරයෙන් සිරිපා තබන්නේ අද වන් දවසක

හෙළයේ හෙළයන්ට පුර පසළොස්වක  පෝ  දිනයක්ම අතිශයින් ම වැදගත් දවසකි. ඔක්තෝබර් මහේ  වප් පොහොය, ත්‍රෛයිලෝක නාථ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ජීවිතය හා, බුදුදහම සමඟ පවතින අන්‍යොන්‍ය සබඳතාවය හා  එහි හෙළයනට ඇති වටිනාකම කෙතරම් වටින්නේ ද?   

වප් පුර පසළොස්වක හා බැඳුණු වැදගත් අවස්ථා කිහිපයක් බුද්ධ ශාසන ඉතිහාසයේ  සඳහන් වේ.  තථාගතයාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නේ සිද්ධාර්ථ නමින් ශුද්ධෝදන ජනේශ්වරයාණන්  හා මහාමායා දේවීන්ගේ  ගේ පුතණුවන් ලෙස   ජන්මය ලැබීමෙනි.  ළදරු කල පියාණන් වහන්සේ පුංචි කුමරු ද රාජකීය වප් මඟුල උළෙලට හෙවත්  චාරිත්‍රානුකූල සී සෑමේ උත්සවය කැටිව ගියදා සිදුවූ අසිරිමත් සිදුවීමක් සිදුහත් චරිතයේ ආරම්භයේ දී ම සේ දැක්වේ. රජතුමා කෙතේ පළමු සීසෑම කරන්නේ, කුඩා කුමරු කිරි මව්වරුන් රැකවරණය යටතේ ය. ළදරු බෝසතාණන් හුන් තුරු සෙවණෙහි  රැකවල් හි යෙදුණු කිරිමව්වරුන් වප් මඟුල් සිරිය නරඹද්දී බිළිඳු කුමාරයාණන්  පළඟ බැඳගෙන ගැඹුරු භාවනාවක නිමග්නව සිටින අයුරු කිරිමව්න් ගේ නෙතු ගැටිණි. ඔවුන් අප්‍රමාදව රජුට සැළකළ වහා  දිව ආ පියරජු විශ්මයට පත්වූයේ සිය බිළිඳු කුමරුන් අහසේ පාවෙමින් සිටින විලාසය දැකීමෙනි. මේ අශ්චර්ය දසුන නෙතු ගැටුණු සැණින් සංවේගයට පත් සුද්ධෝදන රජතුමා තම පුතුට වැඳ නමස්කාර කළේය. ඒ සිය පුතණුවන් ට පියරජු විසින් කරන ලද දෙවැනි වැඳීම සේ ශාසන වංශ කතාවේ දැක්වෙන්නේ සිදුහත් චරිතය කෙරෙන විස්තරයෙහි ය.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පසු කාලයේ, වප් පොහොයේ වඩාත් වැදගත්කම දැක්වෙන්නේ තව්තිසා දෙව්ලොව වැඩ සිටින මාර්තෘ දිව්‍යරාජිනයට දම් දෙසීමට වැඩමවා වදාළ බුදුන් වහන්සේ විසින් මාර්තෘ දිව්‍යරාජිනියට අභිධර්මය දෙසා වදාරා අනතුරුව සංකස්ස පුරවරයෙන් යළි මනුලොවට සම්ප්‍රාප්ත වූ අයුරු කෙරෙනා විස්තරයෙනි.  බෝධිසත්වයාණන් වහන්සේ ඉපිද සත් දොහකින් මව් තුමිය කළුරිය කොට උපත ලද්දේ තව්තිසා දෙව් ලොවයි.

තව්තිසා දෙව්ලොව් හි දී උන්වහන්සේ මව් තුමියට පහදා දෙන ලද්දේ නිවන් මඟෙහි ඇති අවස්ථා සතරෙන් පළමු වැන්න වන සෝවාන් ඵලයට ඒ දිව්පිත් තෙමේ පත් වූවා ය. 

ථේරවාදී සංඝ සමාජය වැසි සමයේ රකින තෙමස් වස් කාලයේ අවසානය  සනිටුහන් කෙරෙන්නේ වප් පොහොයෙනි. වස් අවසන් වීමෙන් පසු බොදු දනන් සංඝරත්නය උදෙසා කඨින චීවර පූජා කරන්නේ ද මෙපුන් පෝදා ය.

හෙළ බොදු දින දසුනෙහි වප් පොහොය පුළුල්ව සැලකෙන්නේ තුන්වන වැදගත්ම පුර පසළොස්වක දිනය ලෙසය සිහිපත් කිරීම වටී.

මැයි මාසයේ වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරමින් බොදුනුවොන් සමරති. .

හෙළදිව් වැසි බොදුනුවන් තමන්ගේම සම්ප්‍රදායක පිහිටා දුරාතීතයේ පටන් ම හැඩගැස්වූණු  සිදුවීම් පිළිබඳ විශේෂ අවබෝධයකින් වප් පොහොය සමරන්නේ මහත් වූ බැතියෙකිනි.

 මතු බුදුවන බෝසතාණන් වහන්සේ ලෙස, මෛත්‍රී බෝසතාණන් වහන්සේ වප් පොහොය දිනක අනුගාමිකයන් පන්සියයක් සමඟ පැවිදි වූ බව වංශ කතාවේ සඳහන් වේ. 

. අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රි.පූ. 3 වන සියවසේ මෙ හෙළදිවයිනට බුදුදහම රැගෙන සපැමිණීමෙන්  අනතුරුව, හෙළබිම් හි ධර්මය සත්‍යලෙස ම ස්ථාපිත  කිරීමට ඇවැසි කවරක්දැයි දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේගෙන් විමසූ විට. මෙබිම් හි උපත ලබා හැදී වැඩුණු අයෙකු පැවිදි වූ විට පමණක් බුදුදහම මුල් බැස ගන්නා බවට මිහිඳු හිමියන් දුන් පිළිතුර ය., ආගමික ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයකට මඟ පෑදුවේය

.