12 වනදා එළිදැක්වෙන කුරුලු සුන්දර මතක ඇහිඳිමි කාව්‍ය සංග්‍රහෙයනි
වරුවක හිලව්ව
පැක්ටරියෙ ස්ටෝරුවේ
කන්තෝරු කාමරේ
පඩි නඩි අඩුපාඩු හද හද
කොටු වෙලා ෆයිල් ගොඩකට
මැදිවෙලා මැෂින් පෙළකට

ඇඟිලි තුඩු දළුමත වැදි වැදී
එකතුවෙන් එන කරච්චලයට
හිසරුදා වුණත් බෝමයි
හෙමින් විඳ ගත්තට
ලැවැන්ඩර පුයර සුවඳක්
ආදරේ අරන් එන දෑසක්
අපිට කෝ එහෙම දවසක්
මස් මාළු නැති බළලෙකුට
මී පැටවියක් වුණත් රස කෑමක්
මෑත සිට ඈත බැලුවම
මද්දහන වුණත් දැන්
එකම එක මීදුම් යායක්
වරු නිවාඩුවක් ඉල්ලන්
උඹත් අවේලාවේ ඔළුව දැම්මා
මක් කරන්නද ඉතින්
මමත් බෝසත්ද සම්මා
කැඩුණු බොත්තම මහගන්න
ගෙදර පලයන් වල්ලිඅම්මා
චුරු චුරුව නම් එපා
ඕං මං උඹට දවස දැම්මා

