උණුසුම් පුවත්

වල්ල්පූරම් කැලයකින් කේරළ ගංජා තොගයක්

විශේෂ කර්ය බලකායේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන් ද නාවික හමුදා නිලධාරී ද කණ්ඩායමක් ඒකාබද්ධ කළ මෙහෙයුමකින් පේදුරු තුඩුවේ දී ලක්ෂ  දාහතරකට ආසන්න වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් අසූහතර (84) කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. මේ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ වල්ලිපුරම් කෝවිල අසල කැලෑවක සගවා තිබිය දී ය *

පේදුරුතුඩුව යුධ හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සපයන ලද  තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකායේ මෙහෙයවීමෙන් මෙකී වැටලීම සිදුකරන ලද බව පොලිසිය කියයි.

නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා දුන් නියෝගයක් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත මේ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක යු.එම්.එස්. දුෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. ඒ අද (2024.01.08)  දවසේ ය. ගංජා කි.ග්‍රෑ. 84.600 සහිත පැකැට් 40 ආරක්ෂක අංශ විසින් සොයා ගත්තත් කිසිදු සැකකරැවකු හෝ සැකකරුව්න් හෝ කිසිවකු මෙහෙයුම් නිලධාරීන්ට කොටු කර ගන්නට නොහැකි වූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශණ කටයුතු පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.