ආර්ථිකඋණුසුම් පුවත්

විජේදාස රාජපක්ෂ යාපනයේ වානිජ මණ්ඩලයේ නියෝජිතයන් හමුව

ගැටලුවලට විසදුම් ලබා දෙන්නට පියවර ගන්නවා - අධිකරණ අමාත්‍ය රාජපක්ෂ

යාපනය වාණිජ මණ්ඩල සාමාජිකයින් හා අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් යාපනය මනිපායි පාර වාණිජ මණ්ඩල කාර්යාලයේදී  (16) පස්වරුවේ පැවැත්විණි.

උතුරු පළාත තුළ ව්‍යාපාර කටයුතු කිරීමේ දී ඔවුන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබදව මෙහිදී ව්‍යාපාරිකයින් විසින් අමාත්‍යවරයා ගේ අවධානය යොමු කළ අතර, ජනාධිපතිවරයා ගේ සහ රජයේ අවධානය යොමු කරමින් අවශ්‍ය අණ පනත් සුදුසු පරිදි සංශෝධනය කරමින් ගැටලුවලට විසදුම් ලබා දෙන බව අමාත්‍ය රාජපක්ෂ මහතා පැවසී ය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, ජාතික  සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, යාපනය වාණිජ මණ්ඩලයේ සභාපති ආර්.ජෙයසේගරන් යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට එක් වුහ.