දේශපාලන

විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගයට එක්වෙයි.

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින කීර්තිමත්, දක්ෂ විශේෂඥ වෛද්‍යවරයකු වන ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක දූෂණ විරෝධී මෙහෙයුමට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් විය.

වසර 18කට වඩා වෛද්‍ය ක්ෂේත්‍රය, පරිපාලන ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර ගණනවකම අත්දැකීම් සහ සුදුසුකම් සහිත ඒ මහතා වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ වංචාවලට අදාල නඩු කටයුතු සඳහා සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධී බලවේගයේ උප සභාපතිවරයා වශයෙන් සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයට ද පත් කරන ලදී.