උණුසුම් පුවත්

අමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ හැට හයවන සංවත්සරය අනුරාධපුර දී

ලංකා ගමනාගමන මණ්ඩලයේ හැට හයවන සංවත්සරය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී පැවැත්විණි.
රටට, ජනතාවට සහ ආයතනයට ආශිර්වාද පිණිස රුවන්වැලි සෑය වෙනුවෙන් කප්රුක් පූජාවක් සිදුකෙරුණු අතර දිවයිනේ සියලුම ලංගම ඩිපෝ මඟින් අට පිරිකර 750කට අධික ප්රමාණයක් රුවන්වැලි සෑය වෙත පූජා කිරීම සහ විශේෂ ආශිර්වාද පූජාවක්ද මෙහිදී සිදු කෙරිණි.
රුවන්වැලි සෑය චෛත්යරාමාධිපති, ශාස්ත්රපති පූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, වත්තේවැවේ සුමන නායක ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් මෙහෙයවන ලදී.
රුවන්වැලි සෑය චෛත්යරාමාධිපති, ශාස්ත්රපති පූජ්ය ඊතනවැටුණු වැව ඥානතිලක නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්රී මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලිසෑය, ජේතවනාරාමය,අභයගිරිය, ලංකාරාමය, ථූපාරාමය මිරිසවැටිය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ධාවනයට එක් කරන ලද නව බස් රථය ගමන් ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු විය.
ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිළුම් අමුණුගම මහතා, හිටපු අමාත්යවරුන් වන පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ මහතා, එස්. එම්.චන්ද්රසේන මහතා, ප්රවාහන හා මහ මාර්ග අමාත්යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්ය සාමාන්යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා, ආයතනයේ සේවය කළ හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්, අමාත්යංශය යටතේ ක්රියාත්මක ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්රධානීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.
එහි විශේෂ අවස්ථා පහළින්  👇 👇 👇 👇 👇 👇 👇 👇 👇