උණුසුම් පුවත්

වෙරළාරක්ෂක බළකාය වැව් දියකඳට එක් වූ ඉන්ධන ඉවත් කිරීම සාර්ථකව නිමා කළ අයුරු

අගය කරමු අපි ‌කැපකිරීම මෙසකියන‌ගෙ ඉත සිතින්

 

 

මාතලේ, ලග්ගල, ගුරුලුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අනතුරට ලක්වීමෙන්, රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන එම වැව් ජලයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් 2024 මැයි මස 05 වන දින සාර්ථකව සිදු කිරීමට කටයුතු කෙරිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරුලුවෙල ප්‍රදේශය ඔස්සේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් (2024 මැයි මස 05 වන දින‍)  ‍‍රාවනාගම වැව  වෙත ජලය රැගෙන යනු ලබන ඇළ මාර්ගයක් වෙත පෙරලීමෙන්, එම වැව් ජලයට ඉන්ධන මිශ්‍ර වී ඇති බවත්, ප්‍රදේශයේ වී වගාව සඳහා ජලය සැපයෙන ප්‍රධාන වැවක් වන රාවනාගම වැවට මිශ්‍ර වි ඇති ඉන්ධන  කඩිනමින් ඉවත් කිරීම සඳහා තාක්ෂණික හා ශිල්පීය සහයෝගය ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ‍වෙතින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

එම දැනුම්දීමට අනුව, රාවනාගම වැවට මිශ්‍ර වි ඇති ඉන්ධන  කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා ශිල්පීය සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් නාවික හමුදා මූලස්ථානය වෙත සිදුකල දැනුම්දීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යොමු කිරීම‍ට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කඩිනමින් සිදු කෙරිණි

ඒ අනුව, ඉන්ධන විසිරීම සිදුවූ රාවනාගම වැව් පරිශ්‍රය වෙත ළඟා වූ වෙරළාරක්ෂක නිලධාරීන් තිදෙනෙක් (03)  සහ වෙරළාරක්ෂක නාවිකයන් දස දෙනෙක් ගෙන් (10) සමන්විත  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්ධන විසිරීම් කළමණාකරණය කිරීම සඳහා පුහුණුව ලත් විශේෂ කණ්ඩායම; ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ, ගුරුලුවෙල ග්‍රාම නිලධාරි කාර්යාලයේ, ‍මහවැලි ව්‍යාපෘති කණ්ඩායමේ, ලග්ගල  පොලිසියේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැව් ජලයෙන් ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම 2024 මැයි මස 06 වන දින උදෑසන ආරම්භ කෙරිණි. එහිදී, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්ධන විසිරීම් කළමණාකරණ කණ්ඩායම තාක්ෂණික උපකරණ සහ ශිල්පීය දැනුම උපයෝගි කර ගනිමින් මහත් පරිශ්‍රමයක් යොදා රාවනාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ලීටර් 2000 ක පමණ තොගයක් සාර්ථකව ඉවත් කිරීමට කටයුතු කෙරිණි.  

තවද, මෙම ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව සිදු කිරීම මඟින්, ඉන්ධන විසිරීමෙන් ඇති විය හැකිව තිබූ පාරිසරික බලපෑම අවම කිරීමට මෙන්ම, ප්‍රදේශයේ වී වගාව සඳහා ඇති විය හැකිව තිබූ විශාල හානිය මැඩපැවැත්වීමටද අවස්ථාව උදා වූ අතර, ඕනෑම හදිසි ආපදා තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සූදානමින් සිටියි.