උණුසුම් පුවත්කාලීනක්‍රීඩාදේශපාලනනව නිපැයුම්පරිසරයවිශේෂාංගව්‍යාපාරික ශ්‍රී ලංකාවේ අති බහුතරයක් ජනතාව ප්‍රවෘත්ති ලබාගන්නේ සමාජ මාධ්‍යාවලින් 2026-08-120 'ඒසියා පැසිපික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාකටින්' ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය හා හවුල් ව පවත්වන ලද, මෙම සමීක්ෂණයෙන් අනාවරණය වෙයි ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රවෘත්ති ලබා ගන්නා, ප්‍රධාන ප්‍රභවය බවට, සමාජ මාධ්‍ය බවට පත්වී ඇතැයි මෑතක මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති ලබාගන්නා පිරිස, සියයට 56 කි. රූපවාහිනියෙන් තොරතුරු උකහා ගන්නා සංඛ්‍යාව සියයට 48 කි. සියයට 40 ක්, ජංගම දුරකථන ඇප් මඟින් ප්‍රවෘත්ති බලා කියා ගන්නා බවත් 'ඒසියා පැසිපික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාකටින්' ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය හා හවුල් ව පවත්වන ලද, මෙම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව එම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ පුවත්පත් මගින් තොරතුරු දැන ගන්නා පිරිස සියයට 15 ක් ද ගුවන් විදුලි නාලිකා පරිහරණයෙන් තොරතුරු අසා දැන ගන්න පිරිස සියයට 10 ක් බවත් එම සමීක්ෂණයෙන් සොයාගෙන ඇත. තවද ශ්‍රී ලංකාවේ ජනතාව තොරතුරු හා පණිවිඩ හුවමාරු කර ගැනීමේ, ප්‍රධානම වේදිකාව 'වට්ස් ඇප්' වන බවත් එය සියයට 86 ක් බවත් එහි සඳහන් වේ. මෙරට ජනගහනයෙන් සියයට 60 ක් අන්තර්ජාලය පරිහරණය කරන බවත්, ඔවුන්ගෙන් සියයට අනූ දෙකක් (92) ම ඒ සඳහා 'ස්මාට්' දුරකථන යොදා ගන්නා බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම ලබාදීමේ යෝජනාවට දැඩි විරෝධය Next Article සූදානමින් ඉන්න – අවධානයෙන් පසුවෙන්න