සංස්කෘතික

සිඳු හි සෝරත පොාඩි සාදු සැරියුත් මුගලන් පරපුරට අද එක් වූ වගයි

බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කැප වෙනවා - පිළියන්දල සමිද්ධිරතන සාමනේරයාණන් වහන්සේ

දෙරණ රූපවාහිනී නාලිකාව ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත්  "සිඳු" ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවන් අප කාට කාටත් මතක හිටිය චරිතයකි. ඒ සාමනේරයාණන් වහන්සේ ගේ චරිතයට පණ පෙව්වේ කවීශ් විහඟ නම් පුංචි දරු පැටියෙකි. ඒ දරු පපැටියා ගේ රංගනයට කවුරුත් ඉමහත් ආදරයක් දැක්වූහ.

එදා සාමනේරයාණන් වහන්සේ නමක ගේ චරිතයට පණ පෙවූ මේ''සෝරත" පොඩි හාමුදුරුවන් අද සැබෑවට ම සම්බුද්ධ ශාසනයට ඇතුළු වූහ.

පිළියන්දල සමිද්ධිරතන නමිනි. සමිද්ධිරතන පොඩි හාමුදුරුවන් බුද්ධ පුත්‍රයකු බවට පත් වූයේ මාතලේ දී ය. මාතලේ  මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ බුදුසසුනෙහි සසුන්ගත වීම කෙරෙහි හෙළදිව උන්වහන්සේට ආශිර්වාද කරන්නෙමු.

මේ පොඩි සාදු ගේ සොවුරා ද මීට මාස කීපයකට කලින් මහණදම් පිරීමට සසුන් කෙතට ඒකතු වී ඇත්තාහ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය පිණිස මේ දෙසොවුරු සාමනේරයාණන් වහන්සේලා දෙනමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා යනු හෙළදිව පතයි