උණුසුම් පුවත්කාලීනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

සිරි තිලකසිරි පඬිවරයාණෝ නික්ම යති

පඬිවරයාණෙනි ඔබට නිවන් සුව!

හෙළ බසත් හෙළ සාහිත්‍යයත් පොහොසත් කරන්නට කැපවහුන් මහා පඬිරුවනක් සේ සම්භාවනාවට පාත්‍රව හුන් සිරි තිලකසිරි සූරීහු දැයෙන් සමුගත් පුවත හෙළදිව ශාතිසය සෝකයෙන් යුතුව මෙසේ දන්වා සිටිම්හ.හේ අභාවප්‍රාප්ත වූයේ ඊයේ (5) ය.

සිරිතිලකසිරි යනු ලාංකේය සිංහල, පාලි හා සංස්කෘත භාෂා ත්‍රිත්වයෙහි ම හසළ දැනුමැති විද්වතකු සේ ප්‍රසිද්ධියක් දරමින් හුන් සාහිතවේදියෙකි.
සිය ජීවිත කාලය පුරා හේ ශාස්ත්‍රීය කාර්යයන් උදෙසා ම කැප කළ දුර්ලභ ගණයේ ශාස්ත්‍රවන්තයෙකි.
ලාංකේය සම්භාව්‍ය කෘති ගණනාවක් ඔහු අතින් සංස්කරණය වී ජාතියට දායාද කළ සාහිත්‍යධරයෙකි.
'අමාවතුර', 'බුත්සරණ', 'සසදාවත', 'සැළලිහිණිය' පරෙවිය වැනි සම්භාව්‍ය කෘති රැසක් තිලකසිරි විද්වතාණන් අතින් සංස්කරණය විය.
රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විශ්වවිද්‍යාල සම්මාන රැසකින් පුද ලද ඔහු ඉතා වටිනා, අගනා කෘති සියයක් තරම් අපේ සාහිත කෙත සරුකරන්නට ජීවිත කාලය පුරාම කැපකළ අග්‍රගන්‍ය සූර ලේඛකයෙකි. 
ඔහු අභාවප්‍රාප්ත වන විට අනූ වියෙහි පසු විය.
සිිිරි තිලකසිරි සූරීනි ඔබ තුමාණන්ට නිවන් සුව!
හෙළදිව පුවත් සංග්‍රහය